හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය



Mitsubishi  සමාගම මගින් නිර්මාණය කරන ලද කාර් රථ අතුරින් බොහොමයක් පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය දිනා ඇති මෝටර් රථයක් ලෙස ATTRAGE මෝටර් රථය හඳුන්වාදිය හැක. නවීන තාක්ෂණයෙන්, අලංකාර නිමාවකින් ඉහල කාර්යක්ෂම තාවයකින් හා අවම ඉන්ධන පරිභෝජනයකින් යුතු මෙම රථය ශ්‍රිලංකාවේ මාර්ගයන් සඳහාම මනාව ගැලපෙන්නාවූ රථයක් ලෙස විශේෂයෙන්ම දැක්විය හැක.



Engine

1.2L ධාරිතාවයකින් යුතු මෙහි එන්ජිමන් සිලින්ඩර 3කින් යුක්තය. Dual Over Head Came – DOHC එනම් කෑම් දෙකකින් යුක්ත මෙම රථයේ එන්ජිම Mitsubishi Innovative Valve timing Electronic Control system – MIVEC තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇත. 57kW ක උපරිම බලයකින් (Max. Power – 57kW) සපිරි මෙම එන්ජිමෙහි උපරිම ව්‍යවර්තය 100Nm  වේ (Max. Torque – 100Nm)


ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතියක් මෙමෙ රථයට එක්කර ඇති අතර CVT ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). CVT ගියර පද්ධතියේ පාලනය සඳහා Mitsubishi  සමාගම විසින් INVECS – III (Intelligent Innovative Vehicle Electronic Control system) තාක්ෂණයෙන් යුක්ත පරිගණකයක් භාවිතා කර ඇත.


 
Fuel efficiency






 
මෙම රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය 21 km/l ලෙස නිෂ්පාදකයා දක්වා ඇති අතර ඒම අගයට ඉතාම පහසුවෙන් ලඟාවියහැකි බව අත්දැකීමෙන් දැක්විය හැක. 



මෙහි දක්වා ඇත්තේ මාවිසින් රථය ධාවනයෙන් ලද ප්‍රතිපලයකි.



ECO lamp






රථය ධාවනයේදී, පදවන්නාට තම Accelerator ය උපරිම ඉන්ධන කාර්යක්ෂම තාවයකින් යුක්තව බාවිතා කලයුතු ආකාරය පිළිබඳව රථයෙන්ම උනන්දු කරන්න වූ ක්‍රමවේදයක් ලෙස මෙම ECO lamp දැක්විය හැක. මෙමගින් රථය පදවන්නා උපරිම ඉන්ධන කාර්යක්ෂම තාවයකින් යුක්තව රථය ධාවනයට උනන්දු කරවීම මෙන්ම පරිසර හිතකාමී සහ හොඳ රියදුරු ගුණාංග සහිත රියදුරෙක් බවට පත්කිමට උනන්දුකරවයි.




Minimum turning radius





මෙම රථය sedan ආකාරයේ රථයක් වුවද මෙහි ඉතාමත් හොඳ මට්ටමක අවම හැරවුම් අරයක් සහිත රථයක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මෙහි හැරවුම් අරය 4.8 m වන බැවින් ඉතාම අඩු ඉඩකින් රථය හරවාගැනීමේ පහසුව පවතී. එබැවින් අප රටෙහි මාර්ගයන් සඳහා ඉතාමත් උචිත රථයක් ලෙස මෙය දැක්විය හැක.
 



Lane change turn signal system





මංතීරු කිහිපයක් සහිත මාර්ගයක රථය ධාවනයේදී එක මංතීරුවක සිට අනෙක් මංතීරුවට රථය ධාවනය කරන්නේනම් අප විසින් signal දැල්වීම සිදුකලයුතු වේ. නමුත් මෙහිදී සාමාන්‍ය රථයක signal දැල්වීම සිදුකලේ නම් නැවතත් අප විසින්ම ඒම signal off කිරීම සිදුකල යුතුය. එයට හේතුව නම් රථය හැරවීමක් සිදුකරන අවස්ථාවක තරම් මෙම අවස්ථාවේදී සුක්කානම කරකැවීමක් සිදු නොවන බැවින් signal ස්වයංක්‍රියාවම off වීම සිදු නොවන බැවිනි. එබැවින් අප විසින් සිතා මතා signal off කිරීම සිදුනොකළේ නම් රථය ධාවනයේදී වැරදි සංඥාවක් සහිතව රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් අනතුරක් උවද සිදුවිය හැක.  ඒම ගැටලුව මගහැරීම සඳහා මෙම රථයේ Lane change turn signal system එක ලබාදී ඇත. මෙහිදී රථය එක් මංතීරුවක සිට අනෙක් මංතීරුවට මාරුකරන අවස්ථාවේදී අප විසින් ඒම දිශාවට අදාලව signal switch එක මතට සියුම් තදකිරීමක් පමණක් (tap කිරීමක්) සිදු කරේනම්  ඒම දීශාවට අදාලව signal පද්ධතිය තෙවරක් පමණක් ක්‍රියාත්මක වී ස්වයංක්‍රියාවම off වීම සිදු වේ.


 

Headlight auto off function 





රථයෙහි Ignition off කිරීමෙන් අනතුරුව සහ රියදුරු අසුනෙහි දොර වීවත කිරීමත් සමගම ස්වයංක්‍රියාවම Headlight off වීම සිදුවන බැවින් අතපසු වීමකින් Headlight on අවස්ථාවේ රථයෙන් බැසයාම හේතුවෙන් සිදුවන අනවශ්‍ය බැටරි බැසයාම් හා අපහසුතා මෙමගින් ස්වයංක්‍රියාවම වැළකෙනු ඇත.



Auto speed adjustable wipers 





මද වැසි තත්වයක Wipers ක්‍රියාත්මක කිරීමේදී අප විසින් timing mode හෙවත් intermittent mode අවස්ථාවක  ධාවනය කරන්නේ නම් රථයෙහි වේගය 60 kmph පසු කිරීමෙන් පසු ස්වයංක්‍රියාවම Wipers ක්‍රියාකාරිත්වයෙහි වේගය වැඩිවීම සිදුවේ. එමගින් වැඩි වේගයන්හිදී දශයතාවය වැඩිකිරීමක් සිදුකරයි.




Delayed – action power window open / close system





මෙහිදී Ignition off කිරීමෙන් අනතුරුවද තප්පර 30ක් යන තෙක් රථයෙහි windows ඉහල පහල ක්‍රියාත්මක කිරීම  සිදුකල හැකි බැවින් රථයෙන් බැහැර යාමකදී අමතක වීමකින් windows පහල ඇති අවස්ථාවක Ignition off කිරීමක් සිදුකරේනම් නැවතත් windows ඉහලට ගැනීම සඳහා Ignition on කිරීමක් සිදු නොකරම පහසුවෙන් windows ඉහලට ගැනීම සිදුකල හැකිවීම තුලින් වඩාපහසුවක් ගෙනදෙනු ඇත.




Auto door relock system





රථය lock කිරීමෙන් පසු නැවතත් un lock කිරීමක් සිදුකරන අවස්ථාවක තප්පර 30ක් ඇතුලත  දොර වීවත නොකලේනම් ස්වයංක්‍රියාවම රථය නැවතත් lock වීම සිදුවේ. මෙමගින් රථයට වැඩි ආරක්ෂාවක් ලබාදී ඇත.





15 - Second interior light delay





Ignition off කිරීමත් සමගම ස්වයංක්‍රියාව දැල්වෙන interior lights තප්පර 15ක කාලයක් දැල්වී තිබීම තුලින් රාත්‍රී කාලයේදී රියදුරු අසුනෙහි දොර වීවත කරනා තෙක් රථය තුල මනා ආලෝක තත්වයක් පවත්වාගනී.




Open door alarm





යම් හෙයකින් රථයේ යම් දොරක් නියමාකාරයෙන් වසා නොතිබුණු නම් රථය ධාවනය වීමත් සමගම වහාම alarm එකක් ආධාරයෙන් සංඥා කිරීම සිදුකරයි.




ABS – Anti lock Brake System





රථයේත් මගීන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ලිස්සන මතුපිටක් සහිත අවස්ථාවකදී ආරක්ෂාකාරී තිරිංග යෙදීමක් සඳහා අත්‍යවශය ABS පද්දතියක් මෙම රථයේ ස්ථාපිතකොට ඇත. (ABS – Anti lock Brake System තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත)




EBD – Electronic Brake force distribution 





රථයක තිරිංග යෙදීමේදී රෝද මත ගොඩනැගෙන බලයන් සමාන නොවේ. වේගයෙන් පැමිණෙන රථයක් තිරිංග යෙදීමේදී ඉදිරි පස රෝද දෙක සඳහා වැඩි බලයක් හා පසුපස රෝද සඳහා අඩු බලයක් ක්‍රියාත්මකවීම වීම සිදුවේ. එබැවින් මෙලෙස එක් එක් රෝද සඳහා වෙන වෙනමම තිරිංග බලයන් පරිගණකයක් ආධාරයෙන් ලබාදීම මෙම පද්ධතිය මගින් සිදුකරයි. (EBD – Electronic Brake force distribution පද්ධතිය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී එක් කිරීමට බලාපොරොත්තුවේ)




Driver and passenger airbag system with pretensioner 





අනතුරකදී රථයේ රියදුරාගේ හා ඉදිරි අනෙක්පස මගියාගේ ආරක්ෂාව සඳහා මෙම රථයේ Driver and passenger airbag පද්ධතියක් යොදා ඇත (Airbag system පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත) අනතුරකදී රියදුරා සහ මගීන් seat belt එක ආධාරයෙන් පසුපසට ඇද, අසුනට තදකර තබාගැනීම සඳහා මෙම රථයේ seat belt සඳහා pretensioner තාක්ෂනය භාවිතා කර ඇත.




Keyless Operation System (KOS) 





රථයට ඇතුළුවීමට, Dicky open කිරීමට, රථය පණගැන්වීමට හා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වැනි සියලු කාර්යයන් සඳහා යතුර අතට ගැනීමක් අවශ්‍ය නොවන ආකාරයේ Smart key system හෙවත් Keyless Operation System (KOS) පද්දතියක් මෙම රථයට එක්කොට ඇත. එබැවින් එදිනෙදා රථය භාවිතයේදී වඩා පහසුවක් දැනේ.



Immobilizer





රථය සොරගැනීම් වැනි අවස්ථා අවම කිරීම සඳහා මෙම රථයට දියුණු Immobilizer පද්ධතියක් සහිත intelligent key එකක් යොදා ඇත. Immobilizer පද්ධතියක් හා Keyless Operation System (KOS) පද්දතියක් සහිත මෙවන් රථයක් පනගැන්වීම සඳහා රථයේ බැටරිය හා intelligent key එකෙහි බැටරිය ඉතා වැදගත් වේ. රථයේ බැටරිය හෝ intelligent key එකෙහි බැටරිය යන දෙකෙන් එකක් හෝ විසර්ජනය වී ඇතිනම් ඒම අවස්ථාවේදී Keyless Operation System (KOS) හා Keyless entry system ක්‍රියාත්මක නොවන බැවින් රථයට ඇතුළුවීම හා රථය පනගැන්වීම සඳහා යම් වෙනත් ක්‍රමවේදයක් භාවිත කිරීමට සිදුවේ.



රථයේ බැටරිය බැස ඇති අවස්ථාවක 





රථයේ බැටරිය බැස ඇති අවස්ථාවකදී හවිතකිරිම සඳහා මෙම intelligent key එකෙහි ලෝහමය යතුරක් වෙනමම සවිකර ඇති අතර එය හාවිතයෙන් passenger side දොර වීවතකර (Driver door එම ලෝහමය යතුරෙන් වීවතකල නොහැක)  එමගින් Driver door වීවත කර ඉන්පසු bonnet එක වීවතකර Jump start එකක් සිදුකල යුතුය.




Intelligent key එකෙහි බැටරිය බැස ඇති අවස්ථාවක




මෙවන් අවස්ථාවකදී intelligent key එකෙහි ලෝහමය යතුර හාවිතයෙන් passenger side දොර වීවතකර ඉන්පසු Driver door වීවත කර රථයට ඇතුළුවීමෙන් පසු සුක්කානමට යටින් විශේෂ ස්ථානයක (intelligent key slot) මෙම යතුර රැඳවිය යුතුය. ඉන්පසු brake පැඩලය පාගා Start ස්විචය press කිරීම තුලින් රථය නැවතත් පනගැන්විය හැක.




Comments

Popular posts from this blog

Wheel Alignment

EFI ක්‍රියාකාරීත්වය සරලව...

CVT Gear Box

ABS ක්‍රියාකාරිත්වය

TIRE

Air Bag System

DFSK - 580 SUV

MITSUBISHI ECLIPSE CROSS