TIRE

ටයරය යනු අප කවුරුත් හොදින් ම දන්නා හදුනන දෙයකි. එය ඈත අතිතයේ සිටම ක්‍රමක් ක්‍රමයෙන් දියුනුවී, වර්තමානයේ ඉතා දියුනු මට්ටමකට පැමින තිබේ. එමෙන්ම රථයක අරක්ෂාව සැලකීමෙදි ටයර් පිලිබදව වඩා වැඩි සැලකිල්ලක් යොමුකල යුතුවේ. මෙහිදි උත්සහ ගනු ලබන්නෙ එම ටයර් පිලිබද යම් සරල දැනුමක් ලබදීම සදහාය. මෙහිදී ටයරය මාතෘකා කිහිපයක් ඔස්සෙ සරලව සගච්චා කරනු ලබයි.
Tire construction & Types ටයරයක සැකස්ම හා වර්ග
Manufacturing date නිශ්පාදිත දිනය
Tire Pressure වා පිරවුම් පීඩනය
Temperature Resistant ඌෂ්ණත්ව ප්‍රතිරොධය
Tire size ටයරයේ ප්‍රමානය
Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර
Speed Rating ටයරයක උපරිම වේගය
Traction ටයරයක සංකර්ශනය (පොලව හා ඇති සම්බන්දය)
Wear Indication Mark ටයරයක ගෙවීම තීරණය කිරීම
Tire Rotation Mark කැරකැවෙන දිශාව (සමහර ටයර් සදහ පමණි)
Tire construction & Types
ටයරයක සැකස්ම හා වර්ග
ටයරයක සකැස්ම අනුව වර්ග කිරීමේදී ප්‍රදාන වශයෙන් ටයර් වර්ග තුනක් දැක්විය හැක.
BIAS TIRE
RADIAL TIRE
RUN-FLAT TIRE

BIAS TIRE
ටයරයක් ගොඩනැගී ඇත්තෙ ස්ථර කිහිපයක එකතුවකිනි. BIAS ටයරයකදි Carcass නම් මුලික ස්ථරය සැමවිටම ටයරයේ පරිධියට ආනතව පිහිටනු ලබන අතර Breaker හෙවත් Belt නම් ස්ථර, එම මුලික ස්ථරයට අනතව සකසා ඇත. මෙම සැකැස්ම හේතුවෙන් එහි වැඩි ශක්තිමත් භාවයක් පැවතුනද එහි සැප පහසු බවෙහි මද අඩු කමක් පවති. (RADIAL ටයරයකට සාපෙක්ෂව)

RADIAL TIRE
RADIAL ටයරයක් ද ගොඩනැගී ඇත්තේ ස්ථර කිහිපයක එකතුවකිනි. නමුත් මෙහිදී එහි මුලික ස්ථරයක් වන Carcass නම් ස්ථරය ටයරයේ පරිධියට ලම්බකව හරස් අතට පිහිටා ඇත. එහි Belt හෙවත් Breaker ස්ථරද Carcass ස්ථරයට ලම්භකව එනම් පරිධියට සමාන්තරව පිහිටා ඇත. එම හේතුවෙන් මෙවැනි ටයර් වල වාසිදායී ගුණාංග බොහොමයක් පවති. ඒවා අතුරින් ප්‍රධාන වශයෙන්ම වැඩි සුව පහසුව, පෙරලුම් ප්‍රතිරෝධයෙහි අවම වීම, සිහින් ස්ථර භාවිතා කිරීම නිසා හොද තාප සන්නයනයක් පැවතීම (මෙම හේතුවෙන් ටයරය ඉක්මනින් සිසිල් වීම සිදුවේ) දැක්විය හැක.
RUN-FLAT TIRE
මෙම ටයරයද RADIAL ආකාරයටම සකසා ඇති නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නෙ,මෙම ආකාරයේදී ටයරයේ හුලං බැසගියද මෙම ටයර ධාවනය කල හැකිවීම වේ. එබැවින් මෙවැනි ටයර් Bullet Proof (වෙඩි නොවදින රථ) සදහ යොදාගනි.
මෙම RUN-FLAT ටයරද ප්‍රධන වශයෙන් ආකාර දෙකකි.
Reinforced side wall type
support ring type

Rainforced side wall type
මෙහිදි ටයරයේ දෙපස බිත්ති ශක්තිමත් කර ඇත, එබැවින් මෙහි හුලං බැස ගියද ටයරය ශක්තිමත්ව පවතින බැවින් රථය අඛන්ඩව ධාවනය කල හැක.

support ring type
මෙම ආකාරයෙදී ටයරය තුල අමතර සහයක රොදයක් පවති. එබැවින් හුලං බැසීමක් සිදු වුවද සහයක රොදය ආධාරයෙන් දිගටම රෝදය ධාවනය කල හැක.

Manufacturing date නිශ්පාදිත දිනය
වර්තමානයේ සෑම ටයරයකම නිශ්පාදිත දිනය ආසන්න වශයෙන් සදහන්ව පවති. ටයරයක් භාවිතාකල හැක්කේ එදින සිට වසර 4ක් පමන වේ (විශේෂිත වු ටයර හැර). ටයරයක නිශ්පාදිත දිනය හදුනා ගන්නා ආකාරය පහතින් දක්වා ඇත. එහිදි අවසන් ඉලක්කම් දෙකින් නිශ්පාදිත වර්ෂය ද, මුල් ඉලක්කම් දෙකින් නිශ්පාදිත සතිය ද පෙන්නුම් කරේ.

Tire Pressure වා පිරවුම් පීඩනය
ටයරයකට වතය පිරවීමෙදී සෑම විටම නිවැරදිම පීඩනය පිරවීමට සැලකිලිමත් විය යුතු අතර එම අගය රථයේ හා අත්පොතෙහි සටහන්ව ඇත. නමුත් ටයරයකට පිරවිය හැකි උපරිම පීඩනය ටයරයේ සටහන්ව ඇත. එම පීඩනය නොඉක්මවීමට හැමවිටම වගබලාගත යුතුය.

එමෙන්ම අඩු වායු පීඩනයකින් යුතුව ටයරය ධාවනය කිරීමද කිසිවිටකත් නොකල යුතුය. එයට හේතුව නම් වායු පීඩනය අඩු අවස්ථාවකදී ටයරයෙ දෙපසින් ගෙවීමකට ලක් වීම මෙන්ම ටයරය තුල ඌෂ්ණත්වය අධික ලෙස ඉහල යාමෙන් ටයරයට හානි වීමද සිඩුවිය හැක.

Temperature Resistant ඌෂ්ණත්ව ප්‍රතිරොධය
ටයරයක් භාවිතා කල හැකි ඌෂ්ණත්ව තත්වය වර්තමානයේ ටයරයන් හි සදහන්ව ඇත. එය TEMPERATURE යනුවෙන් A, B, C ලෙස සදහන්ව ඇත.
Tire size ටයරයේ ප්‍රමාණය
ටයරයේ ප්‍රමණය පිලිබදව සම්පුර්ණ විස්තරයක් RADIAL ටයරයේ සටහන්ව ඇත(BIAS TIRE වලද යම් විස්තරයක් දක්නට ලබේ). මෙහිදි එය අංකයක ආකරයට දක්වා ඇත.


TIRE WIDTH - මෙමගින් ටයරයේ පළල දක්වා ඇත.
ASPECT RATIO - මෙහිදී ටයරයෙ පළල උසට දරන අනුපතය දක්වයි
R -RADIAL ටයරයක් බව දක්වයි
RIM DIAMETER - රිම් එකෙහි විශ්කම්බය දක්වා ඇත (අගල් වලින්)
LOAD CARRYING CAPACITY - එක් රෝදයක ගෙනයා හැකි උපරිම බර පෙන්නුම් කරේ (නමුත් ඒ සදහ වෙනම වගුවක් ඇති අතර එය ආධාරයෙන් බර නීර්නය කරගත හැක)
SPEED SYMBOL - රොදය ගමන් කල හැකි උපරිම වේගය මෙමගින් දක්වයි

BIAS ටයරයන් සදහාද ප්‍රමානය පිලිබද යම් විස්තරයක් ඉහතින් දක්වා ඇත. එමෙන්ම මෙහි T-TYPE TIREයනුවෙන් දක්වා ඇත්තේ තාවකාලිකව බාවිතා කරන්න වු ටයර වේ (මෙම ටයර් සමහර මොටර් රථ වල දැකිය හැක. කුඩා ටයරයකි).
Maximum load capacity per tire ටයරයක ගෙනයාහැකි උපරිම බර
ඉහතින් සදහන් කල ආකාරයට ටයරයක ගෙන යා හැකි උපරිම බර සොයා ගැනීම සදහ වගුවක් භවිත කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත.

Speed Rating ටයරයක උපරිම වේගය
ටයරයක උපරිම වේගය සොයාගැනීම සදහා ද වගුවක් භාවිතා කල යුතුවේ. එම වගුව පහතින් දක්වා ඇත.


Traction ටයරයක සංකර්ශනය (පොලව හා ඇති සම්බන්දය)
ටයරයක් පොළව හා ඇති කරගනු ලබන සංකර්ශනය (පොලව හා ඇති සම්බන්දය) සමහර නවීන ටයර වල සදහන් කර ඇත. එම අගය ටයරයේ ගොඩනැගීම හා කට්ට රටාව මත රදා පවති. එම අගය AA, A, B, C, ආකාරයෙන් දක්වා ඇත.


Wear Indication Mark ටයරයක ගෙවීම තීරණය කිරීම
ටයරයක් භාවිතයෙන් ඉවත් කිරීමට තරම් ප්‍රමණවත් පරිදී ගෙවි ඇත්දැයි දැනගනීම සදහා සලකුණක් නිශ්පාදකයා විසින්ම ටයරයට අතුලත් කර ඇත. එය Wear Indication Mark හෙවත් SLIP SIGN යනුවෙන් හදුන්වයි. එනම් ටයරයෙහි දෙපස ඊ හිසක් වැනි සලකුණු හතරක් හෝ ඊට වැඩි ප්‍රමානයක් හෝ දක්නට ලැබේ. එම ස්ථානවල ටයරයෙහි කට්ට වල ගැබුරෙහි අඩුවක් සිදුකර ඇත. එම නිසා රූප සටහනේ ආකාරයට ටයරය ගෙවීයාමෙදී එම ස්තාන වලින් හරස් ඉරි මතු වීම සිදුවේ. මෙලෙස ඉරි මතු වී ඇත්නම් එම ටයරය මරුකිරීම සිදු කල යුතුය.
Tire Rotation Mark කැරකැවෙන දිශාව (සමහර ටයර් සදහ පමණි)
සමහර ටයරයන් සදහා කරකැවෙන දිශාවක් නිශ්පාදකයා විසින් තීරනය කර ඇත. එවැනි ටයර් එම දිශාවටම කරකැවෙන ලෙස රථයට සවි කල යුතුවේ. එසේ නොවුන හොත් එම ටයරය පොලව හා හොදින් සම්බන්ධ නොවන අතර ටයරයෙහි ආයුකාලයෙහිද යම් අඩුවීමක් සිදුවිය හැක. එම දිශාව ටයරයේ ඊ තලයක් මගින් දක්වා ඇත.

COMMENT එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.....!!
මාරම වැදගත් සයිට් එකක් සහෝ.. හොද ලිපි පෙලක්.. ඔයා මේ බ්ලොගය සින්ඩිකේටර්ස්වලට ඇතුල් කලේ නැතිද තවම? එහෙම කලානම් auto mobile තාක්ෂණය ඉගෙන ගන්න කැමති ගොඩක් අය මේ ලිපි බලාවි...මේ සයිට් වලට ඔයාගෙ බ්ලොගයේ url එක දෙන්න..ඒ වගේම මේ word verification කොටසත් අයින් කරා නම් ගොඩක් පහසු වේවි කමෙන්ට් කරන අපිට...ගොඩක් ස්තුතියි.. සුභ ගමනක්...ජය වේවා..
ReplyDeletehttp://blogs.sinhalabloggers.com/add-blog/
http://www.hathmaluwa.org/
බොහොම ස්තූතියි.. රතී... අපි ඉදිරියට එහෙම කරමු...!!
ReplyDeleteසුපිරි කියන්නේ..ෆට්ටම සුපිරි නේ ..... මේක මොකද ගොඩක් කාලෙකින් අලුත් ලිපියක් නැත්තේ....
ReplyDeleteතව ප්‍රශ්නයක්...ටයර් ඉවත දැම්මම ස්වාභාවිකව දිරලා යනවද?? නැත්තං ඒවා පරිසර හානිකර ද්‍රව්‍ය විදියට අර පොලිතීන් ප්ලාස්ටික් වගේ ඉතුරු වෙනවද???
ටයරයක psi අගය හදුන්වන්න.psi වචනයේ තේරැම
ReplyDeletePound per square inch
ReplyDeleteටයර් එකක් නිශ්පාදිත මාසයේ සිට අවුරුදු 4 කට පසු භාවිතා කරන්ඩ බෑ කියන එක ඔප්පු කරන්නේ කොහොමද ?
ReplyDeleteමෙහි දක්වා ඇත්තේ වසර 4ක් පමණ වේ. යනුවෙනි. බොහෝ ටයරයන් සඳහා මෙය වසර 4ක් පමණ වන අතර සමහර ටයරයන් සඳහා වසර 5ක් 6ක් පමණවේ. මෙම කාලසිමාවෙන් පසුවද ටයරය භාවිත කල හැකිවුවත් ආරක්ෂාව පිලිබඳ ගැටළු ඇතිවිය හැක. (අන්තර්ජාලය තුල සොයා බැලීමෙන්ද යම් අදහසක් ලබාගත හැක)
Deleteබොහොම වටින ලිපියක් මම වගේ අලුතෙන් වාහන පදින්න පටන් ගත්ත අයට. ගොඩක් ස්තූති දිගටම මේ වගේ ලියන්න.
ReplyDeleteමටත් පොඩි ප්‍රශ්නයක් තියනව, මගෙ වාහනෙ spare wheel එක 2008 නිෂ්පාදනය කල එකක්. එය දැන් බාවිතා කිරීම සුදුසු නැතිද? තාම අලුත්ම ලෙස තිබෙ. මගෙ වාහනය corolla 141 නිෂ්පාදන වර්ෂයත් 2008.
අලුතෙන් ටයර් පිටිපස්සට දාන්න ඔනෙ ලගදිම. හොද brand එකක් recommend කරන්න පුලුවන්ද මචන්..
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි.
Delete2008 කියන්නේ නම් අදට අවුරුදු 12ක් නේද? ඒ කියන්නේ එච්චර හොඳ මදි නේද. ටයරය හොඳයි වගේ උනාට අනුමත කරන්න අමාරුයි. ඔබ රථය වේගයෙන් ධාවනය කරන වෙලාවක ක්ෂණික තද brake පහරක් යෙදුවහොත් අවධානම් අවස්ථාවක් මතුවෙන්න පුළුවන්.
හොඳ ටයර් වර්ග නම් ගොඩක් තියෙනවා. Yokohama, Michelin, Good year, වගේ නමුත් මිල නම් ටිකක් වැඩියි. අඩු මිලට හොඳ ටයරයක් ලෙස Dunlop ටයරය හඳුන්වන්න පුළුවන්.
HANCKOOK Tire එක හොදයිද
ReplyDeleteඇත්තටම මට HANCKOOK ගැන නම් හරි අදහසක් නෑ. සමාවන්න.
Delete