Posts

Showing posts from August, 2012

Air Bag System

Image
මෙම ලිපිය මගින් Air Bag පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබදව සරලව සාගච්චා කිරීමට උත්සහ ගෙන ඇත. වර්තමානයේ බොහෝ දෙනා Air Bag යනුවෙන් හැදින් වුවද, මෙහි තාක්ෂණික හැදින්වීම වන්නේ SRS යනුවෙනි. SRS යනු Supplemental Restraint System යන්න වේ. මෙම පද්ධතියේ අරමුන වනුයේ යම් අනතුරක් හේතුවෙන් රථයේ ගමන් ගන්නා මගීන්ට සිදුවිය හැකි අනතුරු අවම කිරීම වේ. ඒ සදහා මෙහිදී වායු පිරවු බැලුන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත. එනම් යම් අනතුරක් සිදුවනවාත් සමගම Nitrogen වායුව පිරවු බලුනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මගීන් අනතුරට ලක්වීම අවම කර ඇත. SRS පද්ධතියේ සැකැස්ම (රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක) ඉහත රුපසටහනෙහි දක්වා ඇත්තේ අති නවීන රථයක SRS පද්ධතියකට අයත් වන්නා වූ කොටස් හා කොටස් පිහිටනු ලබන ස්ථානයන් වේ. මෙම කොටස් එකින් එක විස්තරාත්මකව පහතින් දක්වා ඇත. SRS පද්දතිය ක්‍රියත්මක වන්නේ පරිගණකයක් ආධාරයෙන් බැවින් මෙහි සදහන් සියලුම Sensor හා Actuator පරිගණකය හා සම්බන්ධව පවතී. ඒවා පරිගණකය හා සම්බන්ධවී ඇති ආකාරය පහත රූප සටහනින් දක්වා ඇත. (රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක) නවීන SRS පද්ධති