Posts

DFSK - 580 SUV

Image
    ශ්‍රී ලංකාවේ Assemble කරනු ලබන වාහන අතරෙන් ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නවීන පෙනුමකින් සමන්විත රථයක් ලෙස DFSK 580 රථය අභිමානයෙන් දැක්විය හැක . SUV රථයක් ලෙස නිර්මාණයකර ඇති මෙම රථයෙහි මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන නවීන තාක්ෂණයන් බොහොමයක් භාවිතා කර ඇත. විශේෂයෙන්ම මෙහි ඇති උපාංග හා ආරක්ෂාව සැලකීමේදී මෙම රථය යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොට නිර්මාණය වන්නක් ලෙස අපට හඳුනාගත හැක. එබැවින් ඉහළ තාක්ෂණයකින් හා වඩා වැඩි ආරක්ෂාව කින් යුතු යුතුව ශ්‍රී ලංකාවේ එකලස් වන්නා වූ මෙම රථය ඉන්දුනීසියාවේ නිර්මාණය වන්නකි. DFSK 580 රථය ආසන 7 කින් යුක්ත රථයක් වන අතර ලංකාවේ සීයට 30 ක අමතර කොටස් දායකත්වයකින් යුතුව ලංකාවේදී එකලස් වීම සිදුවේ . මෙතරම් ඉහළ තාක්ෂණයකින් යුක්ත රථයක් ශ්‍රී ලංකාවේ දී එකලස් වීමත් එහි අමතර කොටස් සඳහා සියයට 30 ක දායකත්වයක් ලංකාවෙන් සිදුවීමක් තුළ අපට ද ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බර විය හැකි අතර මෙමගින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව ද මනාව පැහැදිලිවේ.       Engin