EFI ක්‍රියාකාරීත්වය සරලව...

EFI යන්න Electronic Fuel Injection යන පදය කෙටි කිරීමෙන් එය සැදී ඇත. එමගින් අදහස් කරනු ලබන්නෙ ඉලෙක්ට්‍රොනික පද්දතියක් ආධාරයෙන් මෙම ඉන්දන විදුම් පද්දතිය ක්‍රියත්මක වන බවයි.
මෙහිදී සරලව එය විග්‍රහ කර අති අතර අධයනය පහසුව තකා කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.
1. ඉන්දන සැපයුම
2. වාතය සැපයුම
3. ජ්වලන සැපයුම (Ignition )

1. ඉන්දන සැපයුම.
මෙහිදී ටැන්කියෙහි ඇති ඉන්ධන, ටැන්කිය තුල අති ඉන්ධන පොම්පයක් ආධාරයෙන් පීඩනය කරනු ලබයි. එම ඉන්ධන පෙරහනක් ආධාරයෙන් පෙරා ඉන්ලෙට් මැනි ෆොල්ඩ් එක අසන්නයේ ඇති පීඩිත තෙල් රදවා ගත හැකි නලයක් (Fuel Rail) වෙත ලබා දී ඇත. එම පීඩන නලය හා සම්බන්දව ඉන්ජෙක්ටර් රදව අති අතර එම ඉන්ජෙක්ටර් පරිගණකය මගින් පාලනය වේ. එනම් පරිගණකය මගින් ලැබෙන ධාරාව හෙතුවෙන් ඒව විව්ත වේ. එවිට පීඩනයක් සහිත පෙට්‍රොල් ඉන්ලෙට් වෑල්වය අසන්නයට නිකුත් වීම සිදුවන අතර ඉන්ධන නිකුත් වන ප්‍රමණය පරිගණකයට අවැසි අන්දමට පාලය කල හැකිය.

2. වාත සැපයුම.
මෙහිදි එන්ජිම තුලට ඇදගනු ලබන වාත ප්‍රමානය සංවේදකයක් ආධාරයෙන් මැන ගැනීම සිදු කරනු ලබයි. එමෙන්ම ත්‍රොට්ල් වැල්වයේ විව්ත වී ඇති ප්‍රමණය ද සංවේදකයක් ආධාරයෙන් මැන බලනු ලබන අතර එම අගයන් දෙකෙහි අනුපතය ආස්‍රයෙන් එන්ජිමෙහි භාරය පරිගනකය විසින් මැන බලනු ලබයි.
අවසානයෙහි දී එන්ජින් භාරයට හා එන්ජිමෙහි වේගයට අනුරූපව ප්‍රස්තරයක් ආධාරයෙන් ඉන්දන විදිය යුතු ප්‍රමානය පරිගනකය විසින් තීරණය කිරීමෙන් අනතුරුව ඊට ගැලපෙන ආකාරයට ඉන්ජෙක්ටර් ක්‍රියාත්මක කර ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ලබයි. මෙහිදී නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමනය තීරණය වන සාධකය වන්නෙ ඉන්ජෙක්ටරය විව්තව පවතින කාල සීමාව වේ. එය Injector drive time ලෙස හදුන්වයි

3. ජ්වලන සැපයුම.
නවීන එන්ජින් සදහා ජ්වලනය සපයීමද පරිගනකය මගින් පලනය කරනු ලබයි. එනම් එන්ජින් ලෝඩ් එක (ලබාගන්නා ආකාරය ඉහතින් විස්තර කර ඇත) හා එන්ජිමේ වේගයට අනුරූපව ත්‍රිමාන ප්‍රස්තාරයක් ආධාරයෙන් මෙම ජ්වලන කෝනය තීරනය කරනු ලබයි. මේ සදහා ත්‍රිමාන ප්‍රස්තාරයක් භාවිතා කිරීම හේතුවෙන් මෙම ආකාරයේ ජ්වලනයන් සහිත ක්‍රමය Map Ignition යනුවෙන් හදුන්වයි.
මේ සියලු ආකාරයන්ගේම එකතුව හෙතුවෙන් හා පරිගනකයක් ආධාරයෙන් සියලුම සාධක ඉතාම නිවැරදිව පලනය කිරීම හේතුවෙන් මෙවැනි වු පද්ධතියක් සහිත එන්ජිමක් අඩු ඉන්ධන පරිභොජනයක් සහිතව, වැඩි බලයකින් යුක්තව හා අඩු පරිසර දුෂණයකින් යුතුව ධාවනය වීම සිදුවේ.
වැදගත් ලිපියක්.. ස්තුතියි.. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා
ReplyDeletenice aa sir
ReplyDeleteAttama mama me cors akak tami karanne...patta matate obate samaga akatu wenna berida
ReplyDelete