CVT Gear Box

Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.
CVT Theory
CVT Advantages
CVT Construction
CVT Theory
CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්‍රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි.


CVT Advantages
CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම්
Shock less gear shifting සුමටව ගියර ක්‍රියාත්මකවීම
Improved fuel economy අඩු ඉන්ධන පරිභෝජනය
Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව
Smooth feeling of engine brake එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව

CVT Construction
මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි.

Steel Belt
එමෙන්ම මෙම Pulley දෙක සම්බන්ධ කිරීම සදහා විශේෂිත වූ Steel Belt එකක් භාවිතා කරනු ලබයි. මෙම ලෝහමය පටිය 2mm පමණ ඝණකමකින් යුත් කුඩා ලෝහ කොටස් 280කට ආසන්න සංඛ්‍යාවක් එකතුවීමෙන් සෑදී ඇති අතර එහි එක් පසකට අංශක 11 බැගින් අංශක 22 කින් යුක්ත විශේෂිත හැඩයක් පවතී. මෙම කොටස් එකිනෙක සම්බන්ධිතව පවත්වා ගැනීම සදහා 600mm පමණ දිගින් යුතු සිහින් ලෝහමය පටි දෙකක් භවිතා කරනු ලබයි.


Oil Pump
පද්ධතිය ක්‍රියාත්මක වීම සදහා ද්‍රාව පීඩනය ලබාදීමට Oil Pump එකක් භාවිතාකරනු ලබයි.

Torque Convertor
සාමාන්‍යය AT Gear Box සදහා භාවිතාකරනු ලබන සාමාන්‍යය Torque Convertor එකක් මෙහිදීද භාවිතාකර ඇත.

Oil & Oil Cooler
මෙහිදී විශේෂිත වූ CVT Oil එකක් භාවිතයට ගනු ලබන අතර එම Oil අධිකලෙස රත්වන බැවින් සිසිල් කිරීම සදහා Oil Cooler එක භාවිතාකර ඇත.

බොහෝම ස්තුතිය යාළුවා......!!!
ReplyDeleteඅද තමයි ඔබගේ බ්ලොග් එක දැක්කෙ. හොද බ්ලොග් එකක්.ජය වේවා !
ReplyDeleteමෙම ගියර් පද්ධතිය පාවිච්චි වන වාහන මොඩල ගැනත් ටිකක් විස්තර ලියන්න පුළුවන්ද?
ReplyDeleteNissan MURANO, Nissan PRIMERA QP11, Nissan MARCH HK11, Nissan X-TRAIL, Toyota ALLION 260, Toyota COROLLA AXIO,Toyota VITZ KSP 90, Daihatsu MIRA CUSTOM L275S, Suzuki SHIFT ZC71S, Suzuki SHIFT DBA- ZC71. Honda CIVIC EK 3.
ReplyDeleteමම මේ වගේ බ්ලොග් එකක් හොය හොය හිටියෙ. අද තමයි දැක්කෙ. නියමයි! ජය වේවා!
ReplyDeleteබොහොම ස්තූයි.දිගටම ලියන්න
ReplyDeletethank u sir for creating such a useful blog like this.cheers!
ReplyDelete