Air Bag System


මෙම ලිපිය මගින් Air Bag පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබදව සරලව සාගච්චා කිරීමට උත්සහ ගෙන ඇත. වර්තමානයේ බොහෝ දෙනා Air Bag යනුවෙන් හැදින් වුවද, මෙහි තාක්ෂණික හැදින්වීම වන්නේ SRS යනුවෙනි. SRS යනු Supplemental Restraint System යන්න වේ. මෙම පද්ධතියේ අරමුන වනුයේ යම් අනතුරක් හේතුවෙන් රථයේ ගමන් ගන්නා මගීන්ට සිදුවිය හැකි අනතුරු අවම කිරීම වේ. ඒ සදහා මෙහිදී වායු පිරවු බැලුන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත. එනම් යම් අනතුරක් සිදුවනවාත් සමගම Nitrogen වායුව පිරවු බලුනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මගීන් අනතුරට ලක්වීම අවම කර ඇත.

SRS පද්ධතියේ සැකැස්ම

(රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක)

ඉහත රුපසටහනෙහි දක්වා ඇත්තේ අති නවීන රථයක SRS පද්ධතියකට අයත් වන්නා වූ කොටස් හා කොටස් පිහිටනු ලබන ස්ථානයන් වේ. මෙම කොටස් එකින් එක විස්තරාත්මකව පහතින් දක්වා ඇත.
SRS පද්දතිය ක්‍රියත්මක වන්නේ පරිගණකයක් ආධාරයෙන් බැවින් මෙහි සදහන් සියලුම Sensor හා Actuator පරිගණකය හා සම්බන්ධව පවතී. ඒවා පරිගණකය හා සම්බන්ධවී ඇති ආකාරය පහත රූප සටහනින් දක්වා ඇත.

(රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක)

නවීන SRS පද්ධතියකට අයත් වන්නවූ කොටස් පහතින් දක්වා ඇත

   Crash zone sensor
   Driver air bag module
   Spiral cord
   Front passenger air bag module
   SRS Computer
   Seat belt buckle pre-tensioner assembly
   Seat belt pre-tensioner
   Side air bag (satellite) sensor
   Side air bag module
   Occupant Sensor
   Curtain Air Bag
   Air bag warning lamp

Crash zone sensor
රථයක ඉදිරියෙන් සිදුවන ගැටීමක් හදුනා ගනීම සදහා මෙම Sensor භාවිතා කරයි. මෙම Sensor ආකාර කිහිපයකට නිර්මානය කර ඇත. Sarfing Type Sensor, Mercury Type Sensor, Ect. ආදී වශයෙන් ආකාර කිහිපයකින් දැකිය හැකි අතර වම් පසට හා දකුණු පසට වෙන් වෙන් වශයෙන් Sensor දෙකක් භවිතා කරන අවස්ථාද දැකිය හැක.

Sarfing Type Sensor

රථය ධාවනය වන දිශාව ඊතලයෙන් දක්වා ඇති අතර මෙම Sensor තුල රූපසටහනේ ආකාරයට එකිනෙකට සම්බන්ධ නොවුනු පතුරු දෙකක් ඇත. සෙන්සරයට පිටතින් දුන්නක් ආධාරයෙන් චුම්බකයක් රථය ධාවනය වන දිශාවට විරුද්ධ දිශවට තෙරපුමක් සහිතව රදවා ඇත. අනතුරකදී මෙම චුම්බකය දුන්න හකුලුවා ගනිමින් ඉදිරියට පැමිනීම හේතුවෙන් සන්නයක දෙක එකිනෙක සම්බන්ධවීම සිදුවේ.එවිට සෙන්සරය හරහා ධාරාවක් පරිගණකය වෙත ගලායාම හේතුවෙන් ඉදිරි ප්‍රදේශය තුලින් අනතුරක් සිදු වූ බව පරිගණකය හදුනා ගනී.
වෙනත් ක්‍රමවේදයන්ට අනුරූපව ක්‍රියාත්මක වන්නාවූ sensorද ඇත.

Driver air bag module
අනතුරකදී සුක්කානම හේතුවෙන් රියදුරාට සිදුවන අනතුරු වලක්වාලීම සදහා මෙම මොඩියුලය යොදා ඇත. එහි රූප සටහනක් පහතින් දක්වා ඇත. මෙය සුක්කානම තුල රදවා ඇත.

එය තුල විශාල බැලුනයක් රදවා ඇති අතර එම බැලුනය N2 වායුවෙන් ක්‍රියාත්මකවේ. මෙම බැලුනයට N2 පිරවීම සදහා Inflator නම් කොටසක් යොදාගෙන ඇති අතර එහි Propellant (Sodium nitrate) නම් පෙති විශේෂයක් භවිතා කර ඇත. එම පෙති ක්ෂණිකව දහනය කිරීමෙන් N2 වායුව නිපදවා ගනු ලබයි. මෙලෙස Propellant ක්ෂණික දහනය කරවීම සදහා Igniter හෙවත් Detonator එකක් භාවිතාකර ඇත. මෙලෙස Propellant දහනයෙන් 60 L ක් පමන N2 නිපදවාගනු ලබන අතර එය බැලුමට පුරවනු ලබයි. එමෙන්ම Stage කිහිපයකට විව්ත වන තාක්ෂණයෙන් වැඩි දියුනු කරන ලද Air bag moduleද වර්තමානයේ දැකිය හැක. මෙම බැලුනය තුල කුඩා සිදුරු එකක් හෝ දෙකක් පවතී. එයට හේතුවනම් පීඩනයකින් යුතුව වායුව පිරවීමත් සමගම රියදුරාගේ මුහුණ එහි ගැටෙන බැවින් යම් Cushion effect එකක් ලබා ගැනීම සදහා වේ. එමෙන්ම අනතුරින් පසු බැලුනය හැකිලීම සදහාද මෙම සිදුර උපකාරි වේ.
මෙහිදී N2 වායුව යොදාගෙන ඇත්තේ, යම් හෙයකින් O2 වැනි වායුවක් යොදා ගත්තේ නම් එය ගිනි ගැනීම් සදහා සහය විය හැකි අතර N2 සාමාන්‍යය පරිසරයේ බහුලවම ඇති විෂ රහිත වයුවක් වන බැවිනි.

Inflator

මෙම Air Bag Module කිසිම ආකාරයකින් Multimeter ආධාරයෙන් පරික්ෂකල නොහැක. එමෙන්ම මෙලෙස පරික්ෂා කිරීමට උත්සහ නොකල යුතු අතර එසේ කිරීමෙන් Air Bag Module එකට හානි පැමිනීම සිදුවිය හැක.


Spiral cord
සුක්කානම නිරන්තරයෙන්ම දෙපසට කැර කැවෙන බැවින් එම සුක්කනම මත ඇති Air Bag Module එක පරිගණකය හා සම්බන්ධ කරනු ලබන්නේ මෙම Spiral cord එක ආධාරයෙනි. සුක්කානම ගලවා නැවත සවිකිරීමේදී මෙම Spiral cord එක නිවැරදිව ඉතාමත් පරික්ෂාකාරීව සවිකිරීමට වගබලා ගතයුතුය. එසේ නොමැති වුවහොත් මෙම Spiral cord ඒක හානි වීමේ ඉතාමත් වැඩි ඉඩ කඩක් පවතී.


Front passenger air bag module
අනතුරකදී, ඉදිරි මගී අසුනෙ ගමන් ගන්නාට Dash board එකෙහි වැදීම හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලක්වාලීම සදහා මෙම Passenger Air Bag module නිර්මාණය කර ඇත. Dash board එක හා මගියා අතර ඇති දුර වඩි බවින් මෙම Passenger Air Bag module එක Driver SideAir Bag module එකට වඩා විශාලව නිර්මාණය කර ඇත. බොහෝ විට එහි Inflator දෙකක් දැකිය හැක.

මෙහිදී තවත් වැදගත් දෙයක් නම් මෙම Passenger Air Bag module එක රදවා ඇත්තේ Dash board එක යට බැවින් Passenger Air Bag module එක ක්‍රියාත්මක වීමෙදී Dash board එක සිදුරු කරගෙන වේගයෙන් ඉදිරියට පැමිණීම සිදුවේ. එබැවින් මෙවනි රථයන්ගේ Dash board එක මත කිසිම දෙයක් නොතැබීමට වග බලාගත යුතුය. එසේ නොමැති වුවහොත් Passenger Air Bag module එක ක්‍රියාත්මක වීමත් සමගම Dash board එක මත ඇති දේ වේගයෙන් විසිවීගොස් මගීන්ට අනතුරු සිදුවිය හැක.


SRS Computer
සම්පූර්ණ SRS පද්ධතියම පාලනය කරනු ලබන්නෙ මෙම පරිගණකය මගිනි. අනතුරක් සිදුවීමත් සමගම Sensor මගින් ලැබෙන සංවේදනයන්ට( Signal ) අනුව අදාල Air Bags ක්‍රියාත්මක කරවන්නේ මෙම පරිගනකය මගිනි. විශාල අනතුරක් හේතුවෙන් බැටරියේ යම් විසන්ධිවීමක් සිදුවුවහොත් මෙම SRS පද්ධතියේ බිදවැටීමක් සිදුවීම වැලැක් වීම සදහා මෙම පරිගණකය තුලම තාවකාලිකව විදුලිය ගබඩාකල හැකි Condenser Pack එකක් යොදා ඇත.


Seat belt buckle pre-tensioner assembly
Air Bags ක්‍රියාත්මක වනවාත් සමගම විශාල පීඩනයක් රියදුරාගේ හා මගීන් ගේ මුහුණ මත ක්‍රියාත්මක වීම සිදුවේ. අනතුරත් සමග රියදුරා හා මගීන් වේගයෙන් ඉදිරියට විසිවීමත් සමගම මෙලෙස ඔවුන්ගේ ශරීරය ගමන් ගන්නා දිශාවට විරුද්ධව මුහුණ මත විශාල බලයක් යෙදීම හේතුවෙන් ඔවුන්ගේ සුසුම්නාව ප්‍රදේශයට යම් බලපෑමක් ඇතිවිය හැක. එය වැලැක්වීම සදහා වර්තමානයේ ඇති බොහෝ නවීන රථයන් ගේ Air bag පද්ධතිය ක්‍රියාත්මක වීමටනම් Seat Belt අනිවාර්යෙන්ම පැලැද සිටිය යුතුවේ. එබැවින් මගීන් Seat Belt යොදා ඇති බව පරිගණකය විසින් හදුනා ගනීම සදහා Seat belt buckle එක වෙත කුඩා Switch එකක් සවිකර ඇත. එම Switch එක මගින් Seat Belt යොදා ඇති බවට නිවැරදිවම හදුනා ගතහොත් පමණක් පරිගණකය විසින් SRS පද්ධතිය ක්‍රියාත්මක කරනු ඇත.


Seat belt pre-tensioner
අනතුරක් සිදුවීමත් සමගම මගීන් අසුනින් ඉදිරියට විසිවීම Seat Belt එකෙන් වලක්වනු ලබන අතර, වර්තමානයේ ඇති සමහර නවීන රථයන්ගේ අනතුරක් සිදුවීමත් සමගම මගීන් Seat එකට තදකොට සිරකර ගැනීමක් සිදුකරනු ලබයි. මෙම ක්‍රමය Seat belt pre-tensioner ලෙස හදුන්වනු ලබයි. එහිදී Air Bag මොඩියුලයකදී මෙන්ම Gas Generator එකක් ආධාරයෙන් එනම් පීඩනය වූ වායුව ආධාරයෙන් පිස්ටනයක් ක්‍රියාකරවීම තුලින් Seat Belt එක නැවතත් ආපස්සට කෙටි දුරක් ඔතා ගැනීම සිදුකරයි.

Side air bag (satellite) sensor
යම් රථයක් දෙපසින් යම් අන්තුරකට ලක්වූයේ නම් ඉදිරි Front Air Bag Modules ක්‍රියාත්මක වීමෙන් පමනක් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැක. එබැවින් නවීන රථයන්ගේ දෙපසින් සිදුවන අනතුරකදී පවා Side Air Bag Module ක්‍රියාත්මකවී මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරයි. එහිදී යම් පසකින් අනතුරක් සිදුවන්නේ නම් එය හදුනා ගැනීම සදහා මෙම Side air bag sensor භාවිතා කරනු ලබයි. මෙම සෙන්සරය Satellite Sensor යන නමින්ද හදුන්වනු ලබයි.


Side air bag module
දෙපසින් සිදුවන යම් අනතුරකදී, එම අනතුරින් මගීන් ආරක්ෂා කරගැනීම සදහා මෙම Side Air Bag Module යොදාගනී. බොහෝ රථයන්ගේ මෙම Side Air Bag මොඩියුලය මගී අසුනෙහිම නිර්මාණය කර ඇති අතර එවැනි Seat වල Side Air Bag යනුවෙන් සදහන් කර ඇත. එමෙන්ම එවැනි Seat සදහා කිසිම විටක Seat Cover යොදා නොගත යුතුය. එසේ Seat Cover භාවිතා කිරීමෙන් ඉතාමත් අනතුරුදායක තත්වයන් ඇතිවිය හැක.


Occupant Sensor
වර්තමානයේදී Air Bag තාක්ෂණය දියුනුවීමත් සමගම නවීන රථ සදහා Occupant Sensor භාවිතා කර ඇත. මෙහිදී Seat එක තුල රදවා ඇති Sensor එකක් ආධාරයෙන් Seat මත හිදසිටින මගියාගේ බර මනිනු ලබයි. එමගින් පරිගණකය විසින් එම මගියා කුඩා දරුවෙකුද, වැඩුනු පුද්ගලයෙකුද යන්න තීරණය කරනු ලබන අතර ඊට අනුරූපව Air Bag ක්‍රියාත්මක කිරීමේ පීඩනය තීරණය කරනු ලබයි. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් නම් කිසිම විටකදී කුඩා ළමයින්ව එම අසුන්වල ඔඩොක්කුවේ තබාගෙන නොයාමට වග බලා ගත යුතුය. එයට හේතුව නම් කුඩා ළමයින් ඔඩොක්කුවේ තබාගෙන යාමේදී එම Occupant Sensor විසින් දෙදෙනාගේම බර එකට මැනීම සිදුකරනු ලබන අතර අසුනේ සිටින මගියා වැඩි බරක් සහිත මගියෙකු ලෙස පරිගණකය විසින් වැරදි තීරණයක් ගෙන වැඩි පීඩනයකින් යුතුව Air Bag ක්‍රියාත්මක කරවීම සිදුවිය හැක. එවිට පළමුවෙන්ම Air Bag එක වෙත මුහුණ දෙනු ලබන්නේ කුඩා ළමයා වන බැවින් ඔහුට යම් අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතී. එ බැවින් එවැනි ආකාරයේ Seat සදහා කුඩා ළමුන් එම අසුන් වල ඔඩොක්කුවේ තබාගෙන නොයන ලෙස Warning Tag එකක් යොදා ඇත.


   Curtain Air Bags
ඉතාමත් නවීන රථ සදහා මෙම ආකාරයේ Curtain Air Bags අතුලත් කර ඇත. රථය යම් හෙයකින් පෙරලීමකට ලක් වුවහොත් ඇතුලත සිටිනා වූ මගීන් ආරක්ෂා කිරීම සදහා මෙම Curtain Air Bags ක්‍රියාත්මකවීම සිදුවේ. එහිදී මගීන් සිටින්නාවූ කොටස දෙපසින් තිරයක ආකාරයෙන් Curtain Air Bags ක්‍රියාත්මක වීමක් සිදුවේ. එමගින් ඇතුලත මගීන් ආරක්ෂාවීම සිදුවේ. මෙම Curtain Air Bags රථයේ දෙපස වහලය මත රදවා ඇත.


Air bag warning lamp
Air Bag පද්ධතියේ යම් දෝශයක් ඇතිවුවහොත් එය පරිගණකය මගින් හදුනා ගන්නා අතර එය රියදුරා වෙත Indicate කිරීම සදහා මෙම Warning Light එක භාවිතා කරයි. පද්ධතිය නිවැරදි ක්‍රියාකාරිත්වයේ පවතී නම් මෙම Light එක නිවී යන අතර පද්ධතියේ දෝශයක් පවති නම් මෙම බල්බය දිගින් දිගටම දැල්වී පවතී.


Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...!!

Comments

  1. කාලයක් තිස්සේ හොය හොය හිටපු කරුණු ගොඩක් දැන ගත්තා......
    සෑහෙන වැදගත් Post එකක්!
    Thanks a lot!

    ReplyDelete
  2. ade ubanam deyyek neme , dewalayak...maru post eka.

    ReplyDelete
  3. පට්ට පට පට... මම අදනේ මේ බ්ලොග් එක දැක්කේ.... ඔන්න මම මගේ ෆේස්බුකියෙත් දෙන්නං මේකට ප්‍රසිද්ධියක්.... දිගටම ලියපන්... ගින්දර

    ReplyDelete
  4. seat belt pre-tentioner kiyana system 1 'proconten' kiyana system 1e 1 item 1k neda?

    ReplyDelete
  5. ape technicionsla godak denek vehicle wala repaires karanakota B- galawanawa loku shock 1kadi airbag on wei kiyala.condenser pack 1 hinda on wenna current 1 gannawa. me hinda repaires karanakota air bag system 1 disconnect karaganne kohomada?

    ReplyDelete
  6. @ Jeewantha..
    proconten කියන්නේ Pretension එකෙහි ප්‍රතිවිරුද්ධ ක්‍රමවේදය වේ. එය රියදුරාගේ ආරක්ෂාව සදහා පමණක් යොදාගනු ලබයි. එහිදී සිදුකර ඇත්තේ Gear Box එක හා සම්බන්ධ කරන ලද ඉතා ශක්තිමත් Cable එකක් Steering Wheel එක හා සම්බන්ධ කිරීම තුලින් අනතුරකදී Steering Wheel එක රියදුරාගෙන් ඈත්කර පහලට හකුලුවාලීමේ ක්‍රමවේදයක් වේ.

    ReplyDelete
  7. @ Adikari
    Air Bag එක Repair කිරීමේදී Air Bag System එක Disable කරන සාමාන්‍යය ක්‍රමවේදය වනුයේ Battery Wire Disconnect කිරීම වේ. Negative Wire ගලවා විනාඩි කිහිපයක් තැබීම තුලින් Condenser එක Discharge වීම සිදුවේ. නමුත් සමහර නිශ්පදකයින් විසින් Air Bag Repair කිරීමේදී Air Bag System එක Service Mood එකට පත්කල හැකි ක්‍රම නිර්මාණය කර ඇත.

    ReplyDelete
  8. thank you very much.

    ReplyDelete
  9. thanks. oyage denuma apita godak wedagath.

    ReplyDelete
  10. Samsung Galaxy Watch 3 titanium-art - Tioga Arts
    The display with the OLED is sugarboo extra long digital titanium styler an titanium properties impressive addition to titanium screws the Galaxy Watch 3, the titanium boiling point company says, and the titanium exhaust wrap two pieces of hardware that make the S Series

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Wheel Alignment

EFI ක්‍රියාකාරීත්වය සරලව...

CVT Gear Box

ABS ක්‍රියාකාරිත්වය

TIRE

DFSK - 580 SUV

MITSUBISHI ECLIPSE CROSS

හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය