Posts

Showing posts from June, 2012

TIRE

Image
ටයරය යනු අප කවුරුත් හොදින් ම දන්නා හදුනන දෙයකි. එය ඈත අතිතයේ සිටම ක්‍රමක් ක්‍රමයෙන් දියුනුවී, වර්තමානයේ ඉතා දියුනු මට්ටමකට පැමින තිබේ. එමෙන්ම රථයක අරක්ෂාව සැලකීමෙදි ටයර් පිලිබදව වඩා වැඩි සැලකිල්ලක් යොමුකල යුතුවේ. මෙහිදි උත්සහ ගනු ලබන්නෙ එම ටයර් පිලිබද යම් සරල දැනුමක් ලබදීම සදහාය. මෙහිදී ටයරය මාතෘකා කිහිපයක් ඔස්සෙ සරලව සගච්චා කරනු ලබයි. Tire construction & Types                 ටයරයක සැකස්ම හා වර්ග Manufacturing date                             නිශ්පාදිත දිනය Tire Pressure                                       වා පිරවුම් පීඩනය Temperature Resistant                      ඌෂ්ණත්ව ප්‍රතිරොධය Tire size                                                 ටයරයේ ප්‍රමානය Maximum load capacity per tire       ටයරයක ගෙනයාහැකි උපරිම බර Speed Rating                                       ටයරයක උපරිම වේගය Traction                                                ටයරයක සංකර්ශනය (පොලව හා ඇති සම්බන්දය) Wear Indication Mark                         ටයරයක ගෙවීම තීරණය කිරීම Tire Rotation Mark      

EFI ක්‍රියාකාරීත්වය සරලව...

Image
EFI යන්න Electronic Fuel Injection යන පදය කෙටි කිරීමෙන් එය සැදී ඇත. එමගින් අදහස් කරනු ලබන්නෙ ඉලෙක්ට්‍රොනික පද්දතියක් ආධාරයෙන් මෙම ඉන්දන විදුම් පද්දතිය ක්‍රියත්මක වන බවයි. මෙහිදී සරලව එය විග්‍රහ කර අති අතර අධයනය පහසුව තකා කොටස් තුනකට බෙදා වෙන් කර ඇත. 1. ඉන්දන සැපයුම 2. වාතය සැපයුම 3. ජ්වලන සැපයුම (Ignition ) 1. ඉන්දන සැපයුම. මෙහිදී ටැන්කියෙහි ඇති ඉන්ධන, ටැන්කිය තුල අති ඉන්ධන පොම්පයක් ආධාරයෙන් පීඩනය කරනු ලබයි. එම ඉන්ධන පෙරහනක් ආධාරයෙන් පෙරා ඉන්ලෙට් මැනි ෆොල්ඩ් එක අසන්නයේ ඇති පීඩිත තෙල් රදවා ගත හැකි නලයක් (Fuel Rail) වෙත ලබා දී ඇත. එම පීඩන නලය හා සම්බන්දව ඉන්ජෙක්ටර් රදව අති අතර එම ඉන්ජෙක්ටර් පරිගණකය මගින් පාලනය වේ. එනම් පරිගණකය මගින් ලැබෙන ධාරාව හෙතුවෙන් ඒව විව්ත වේ. එවිට පීඩනයක් සහිත පෙට්‍රොල් ඉන්ලෙට් වෑල්වය අසන්නයට නිකුත් වීම සිදුවන අතර ඉන්ධන නිකුත් වන ප්‍රමණය පරිගණකයට අවැසි අන්දමට පාලය කල හැකිය. 2. වාත සැපයුම. මෙහිදි එන්ජිම තුලට ඇදගනු ලබන වාත ප්‍රමානය සංවේදකයක් ආධාරයෙන් මැන ගැනීම සිදු කරනු ලබයි. එමෙන්ම ත්‍රොට්ල් වැල්වයේ විව්ත වී ඇති ප්‍රමණය ද සංවේද

ABS ක්‍රියාකාරිත්වය

Image
ABS ක්‍රියාකාරිත්වය සරලව හදුනා ගැනීම මෙමගින් බලපොරොත්තුවෙ. මෙහිදි මාතෘකා කිහිපයක් යටතේ ABS පද්දතිය පිලිබදව සාගච්චා කරනු ලබයි. 1. Purpose 2. ABS Function 3. System Construction 4. Slip Ratio 5. Operation 6. Sensor 7. Safety Precaution 1. Purpose                                                                                                                                              ABS පද්ධතියක් මෝටර් රථයකට යෙදීමෙන් බලාපොරොත්තු වන්නාවූ ප්‍රධාන කාර්යයන් 4 ක් පවති. 1. රථය පොලව මතුපිට ලිස්සායාමකට ලක් නොවන ආකාරයෙන් නතර කර ගැනීම. 2. තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම් පාලනය (Steering Control) පවත්වා ගැනීම.                    (සුක්කානම් පාලනය යනු තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම ආධාරයෙන් රථය පාලනය කිරීමේ හැකියාව වේ. එනම් අනතුරක් සිදුවන අවස්ථාවකදී රියදුරා විසින් තිරිංග යෙදීමට අමතරව සුක්කානම ආධාරයෙන් රථය බාධකයෙන් ඉවතට ගැනීමේ උත්සහයකද යෙදේ. මෙය අනතුරක් වලක්වා ගැනීමට අවශය කරන තවත් වැදගත් සාධකයකි. ABS නොමැති රථයක මෙම හැකියාව නොමැත. එයට හේතුව නම් රියදුරා විසින් සුක්කානම ආධා