Posts

Showing posts from September, 2012

CVT Gear Box

Image
Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.    CVT Theory    CVT Advantages    CVT Construction      CVT Theory CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්‍රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පී