Cool Blue Outer Glow Pointer
AUTO TOP
Loading...

Monday, September 3, 2012

CVT Gear Box



Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.

   CVT Theory
   CVT Advantages
   CVT Construction

CVT Theory
CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්‍රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි.



CVT Advantages
CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම්
Shock less gear shifting    සුමටව ගියර ක්‍රියාත්මකවීම
Improved fuel economy    අඩු ඉන්ධන පරිභෝජනය
Sporty driving pleasure    සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව
Smooth feeling of engine brake    එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව



CVT Construction
මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි.
S

Steel Belt
එමෙන්ම මෙම Pulley දෙක සම්බන්ධ කිරීම සදහා විශේෂිත වූ Steel Belt එකක් භාවිතා කරනු ලබයි. මෙම ලෝහමය පටිය 2mm පමණ ඝණකමකින් යුත් කුඩා ලෝහ කොටස් 280කට ආසන්න සංඛ්‍යාවක් එකතුවීමෙන් සෑදී ඇති අතර එහි එක් පසකට අංශක 11 බැගින් අංශක 22 කින් යුක්ත විශේෂිත හැඩයක් පවතී. මෙම කොටස් එකිනෙක සම්බන්ධිතව පවත්වා ගැනීම සදහා 600mm පමණ දිගින් යුතු සිහින් ලෝහමය පටි දෙකක් භවිතා කරනු ලබයි.



Oil Pump
පද්ධතිය ක්‍රියාත්මක වීම සදහා ද්‍රාව පීඩනය ලබාදීමට Oil Pump එකක් භාවිතාකරනු ලබයි.


Torque Convertor
සාමාන්‍යය AT Gear Box සදහා භාවිතාකරනු ලබන සාමාන්‍යය Torque Convertor එකක් මෙහිදීද භාවිතාකර ඇත.


Oil & Oil Cooler
මෙහිදී විශේෂිත වූ CVT Oil එකක් භාවිතයට ගනු ලබන අතර එම Oil අධිකලෙස රත්වන බැවින් සිසිල් කිරීම සදහා Oil Cooler එක භාවිතාකර ඇත.



TCM
එමෙන්ම මෙම ගියර පෙට්ටිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සදහා පරිගණකයක් භාවිතා කරනු ලබන අතර එය TCM (Transmission Control Module) යනුවෙන් හදුන්වයි. එම පරිගණකය මගින් පද්දතියේ ද්‍රාව පීඩනය පාලනය කිරීම තුලින් ගියර පෙට්ටිය පාලනය කරනු ලබයි.


Sunday, August 19, 2012

Air Bag System


මෙම ලිපිය මගින් Air Bag පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබදව සරලව සාගච්චා කිරීමට උත්සහ ගෙන ඇත. වර්තමානයේ බොහෝ දෙනා Air Bag යනුවෙන් හැදින් වුවද, මෙහි තාක්ෂණික හැදින්වීම වන්නේ SRS යනුවෙනි. SRS යනු Supplemental Restraint System යන්න වේ. මෙම පද්ධතියේ අරමුන වනුයේ යම් අනතුරක් හේතුවෙන් රථයේ ගමන් ගන්නා මගීන්ට සිදුවිය හැකි අනතුරු අවම කිරීම වේ. ඒ සදහා මෙහිදී වායු පිරවු බැලුන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත. එනම් යම් අනතුරක් සිදුවනවාත් සමගම Nitrogen වායුව පිරවු බලුනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මගීන් අනතුරට ලක්වීම අවම කර ඇත.

SRS පද්ධතියේ සැකැස්ම

(රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක)

ඉහත රුපසටහනෙහි දක්වා ඇත්තේ අති නවීන රථයක SRS පද්ධතියකට අයත් වන්නා වූ කොටස් හා කොටස් පිහිටනු ලබන ස්ථානයන් වේ. මෙම කොටස් එකින් එක විස්තරාත්මකව පහතින් දක්වා ඇත.
SRS පද්දතිය ක්‍රියත්මක වන්නේ පරිගණකයක් ආධාරයෙන් බැවින් මෙහි සදහන් සියලුම Sensor හා Actuator පරිගණකය හා සම්බන්ධව පවතී. ඒවා පරිගණකය හා සම්බන්ධවී ඇති ආකාරය පහත රූප සටහනින් දක්වා ඇත.

(රූපය මත Clik කිරීමෙන් විශාලනය කල හැක)

නවීන SRS පද්ධතියකට අයත් වන්නවූ කොටස් පහතින් දක්වා ඇත

   Crash zone sensor
   Driver air bag module
   Spiral cord
   Front passenger air bag module
   SRS Computer
   Seat belt buckle pre-tensioner assembly
   Seat belt pre-tensioner
   Side air bag (satellite) sensor
   Side air bag module
   Occupant Sensor
   Curtain Air Bag
   Air bag warning lamp

Crash zone sensor
රථයක ඉදිරියෙන් සිදුවන ගැටීමක් හදුනා ගනීම සදහා මෙම Sensor භාවිතා කරයි. මෙම Sensor ආකාර කිහිපයකට නිර්මානය කර ඇත. Sarfing Type Sensor, Mercury Type Sensor, Ect. ආදී වශයෙන් ආකාර කිහිපයකින් දැකිය හැකි අතර වම් පසට හා දකුණු පසට වෙන් වෙන් වශයෙන් Sensor දෙකක් භවිතා කරන අවස්ථාද දැකිය හැක.

Sarfing Type Sensor

රථය ධාවනය වන දිශාව ඊතලයෙන් දක්වා ඇති අතර මෙම Sensor තුල රූපසටහනේ ආකාරයට එකිනෙකට සම්බන්ධ නොවුනු පතුරු දෙකක් ඇත. සෙන්සරයට පිටතින් දුන්නක් ආධාරයෙන් චුම්බකයක් රථය ධාවනය වන දිශාවට විරුද්ධ දිශවට තෙරපුමක් සහිතව රදවා ඇත. අනතුරකදී මෙම චුම්බකය දුන්න හකුලුවා ගනිමින් ඉදිරියට පැමිනීම හේතුවෙන් සන්නයක දෙක එකිනෙක සම්බන්ධවීම සිදුවේ.එවිට සෙන්සරය හරහා ධාරාවක් පරිගණකය වෙත ගලායාම හේතුවෙන් ඉදිරි ප්‍රදේශය තුලින් අනතුරක් සිදු වූ බව පරිගණකය හදුනා ගනී.
වෙනත් ක්‍රමවේදයන්ට අනුරූපව ක්‍රියාත්මක වන්නාවූ sensorද ඇත.

Driver air bag module
අනතුරකදී සුක්කානම හේතුවෙන් රියදුරාට සිදුවන අනතුරු වලක්වාලීම සදහා මෙම මොඩියුලය යොදා ඇත. එහි රූප සටහනක් පහතින් දක්වා ඇත. මෙය සුක්කානම තුල රදවා ඇත.

එය තුල විශාල බැලුනයක් රදවා ඇති අතර එම බැලුනය N2 වායුවෙන් ක්‍රියාත්මකවේ. මෙම බැලුනයට N2 පිරවීම සදහා Inflator නම් කොටසක් යොදාගෙන ඇති අතර එහි Propellant (Sodium nitrate) නම් පෙති විශේෂයක් භවිතා කර ඇත. එම පෙති ක්ෂණිකව දහනය කිරීමෙන් N2 වායුව නිපදවා ගනු ලබයි. මෙලෙස Propellant ක්ෂණික දහනය කරවීම සදහා Igniter හෙවත් Detonator එකක් භාවිතාකර ඇත. මෙලෙස Propellant දහනයෙන් 60 L ක් පමන N2 නිපදවාගනු ලබන අතර එය බැලුමට පුරවනු ලබයි. එමෙන්ම Stage කිහිපයකට විව්ත වන තාක්ෂණයෙන් වැඩි දියුනු කරන ලද Air bag moduleද වර්තමානයේ දැකිය හැක. මෙම බැලුනය තුල කුඩා සිදුරු එකක් හෝ දෙකක් පවතී. එයට හේතුවනම් පීඩනයකින් යුතුව වායුව පිරවීමත් සමගම රියදුරාගේ මුහුණ එහි ගැටෙන බැවින් යම් Cushion effect එකක් ලබා ගැනීම සදහා වේ. එමෙන්ම අනතුරින් පසු බැලුනය හැකිලීම සදහාද මෙම සිදුර උපකාරි වේ.
මෙහිදී N2 වායුව යොදාගෙන ඇත්තේ, යම් හෙයකින් O2 වැනි වායුවක් යොදා ගත්තේ නම් එය ගිනි ගැනීම් සදහා සහය විය හැකි අතර N2 සාමාන්‍යය පරිසරයේ බහුලවම ඇති විෂ රහිත වයුවක් වන බැවිනි.

Inflator

මෙම Air Bag Module කිසිම ආකාරයකින් Multimeter ආධාරයෙන් පරික්ෂකල නොහැක. එමෙන්ම මෙලෙස පරික්ෂා කිරීමට උත්සහ නොකල යුතු අතර එසේ කිරීමෙන් Air Bag Module එකට හානි පැමිනීම සිදුවිය හැක.


Spiral cord
සුක්කානම නිරන්තරයෙන්ම දෙපසට කැර කැවෙන බැවින් එම සුක්කනම මත ඇති Air Bag Module එක පරිගණකය හා සම්බන්ධ කරනු ලබන්නේ මෙම Spiral cord එක ආධාරයෙනි. සුක්කානම ගලවා නැවත සවිකිරීමේදී මෙම Spiral cord එක නිවැරදිව ඉතාමත් පරික්ෂාකාරීව සවිකිරීමට වගබලා ගතයුතුය. එසේ නොමැති වුවහොත් මෙම Spiral cord ඒක හානි වීමේ ඉතාමත් වැඩි ඉඩ කඩක් පවතී.


Front passenger air bag module
අනතුරකදී, ඉදිරි මගී අසුනෙ ගමන් ගන්නාට Dash board එකෙහි වැදීම හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලක්වාලීම සදහා මෙම Passenger Air Bag module නිර්මාණය කර ඇත. Dash board එක හා මගියා අතර ඇති දුර වඩි බවින් මෙම Passenger Air Bag module එක Driver SideAir Bag module එකට වඩා විශාලව නිර්මාණය කර ඇත. බොහෝ විට එහි Inflator දෙකක් දැකිය හැක.

මෙහිදී තවත් වැදගත් දෙයක් නම් මෙම Passenger Air Bag module එක රදවා ඇත්තේ Dash board එක යට බැවින් Passenger Air Bag module එක ක්‍රියාත්මක වීමෙදී Dash board එක සිදුරු කරගෙන වේගයෙන් ඉදිරියට පැමිණීම සිදුවේ. එබැවින් මෙවනි රථයන්ගේ Dash board එක මත කිසිම දෙයක් නොතැබීමට වග බලාගත යුතුය. එසේ නොමැති වුවහොත් Passenger Air Bag module එක ක්‍රියාත්මක වීමත් සමගම Dash board එක මත ඇති දේ වේගයෙන් විසිවීගොස් මගීන්ට අනතුරු සිදුවිය හැක.


SRS Computer
සම්පූර්ණ SRS පද්ධතියම පාලනය කරනු ලබන්නෙ මෙම පරිගණකය මගිනි. අනතුරක් සිදුවීමත් සමගම Sensor මගින් ලැබෙන සංවේදනයන්ට( Signal ) අනුව අදාල Air Bags ක්‍රියාත්මක කරවන්නේ මෙම පරිගනකය මගිනි. විශාල අනතුරක් හේතුවෙන් බැටරියේ යම් විසන්ධිවීමක් සිදුවුවහොත් මෙම SRS පද්ධතියේ බිදවැටීමක් සිදුවීම වැලැක් වීම සදහා මෙම පරිගණකය තුලම තාවකාලිකව විදුලිය ගබඩාකල හැකි Condenser Pack එකක් යොදා ඇත.


Seat belt buckle pre-tensioner assembly
Air Bags ක්‍රියාත්මක වනවාත් සමගම විශාල පීඩනයක් රියදුරාගේ හා මගීන් ගේ මුහුණ මත ක්‍රියාත්මක වීම සිදුවේ. අනතුරත් සමග රියදුරා හා මගීන් වේගයෙන් ඉදිරියට විසිවීමත් සමගම මෙලෙස ඔවුන්ගේ ශරීරය ගමන් ගන්නා දිශාවට විරුද්ධව මුහුණ මත විශාල බලයක් යෙදීම හේතුවෙන් ඔවුන්ගේ සුසුම්නාව ප්‍රදේශයට යම් බලපෑමක් ඇතිවිය හැක. එය වැලැක්වීම සදහා වර්තමානයේ ඇති බොහෝ නවීන රථයන් ගේ Air bag පද්ධතිය ක්‍රියාත්මක වීමටනම් Seat Belt අනිවාර්යෙන්ම පැලැද සිටිය යුතුවේ. එබැවින් මගීන් Seat Belt යොදා ඇති බව පරිගණකය විසින් හදුනා ගනීම සදහා Seat belt buckle එක වෙත කුඩා Switch එකක් සවිකර ඇත. එම Switch එක මගින් Seat Belt යොදා ඇති බවට නිවැරදිවම හදුනා ගතහොත් පමණක් පරිගණකය විසින් SRS පද්ධතිය ක්‍රියාත්මක කරනු ඇත.


Seat belt pre-tensioner
අනතුරක් සිදුවීමත් සමගම මගීන් අසුනින් ඉදිරියට විසිවීම Seat Belt එකෙන් වලක්වනු ලබන අතර, වර්තමානයේ ඇති සමහර නවීන රථයන්ගේ අනතුරක් සිදුවීමත් සමගම මගීන් Seat එකට තදකොට සිරකර ගැනීමක් සිදුකරනු ලබයි. මෙම ක්‍රමය Seat belt pre-tensioner ලෙස හදුන්වනු ලබයි. එහිදී Air Bag මොඩියුලයකදී මෙන්ම Gas Generator එකක් ආධාරයෙන් එනම් පීඩනය වූ වායුව ආධාරයෙන් පිස්ටනයක් ක්‍රියාකරවීම තුලින් Seat Belt එක නැවතත් ආපස්සට කෙටි දුරක් ඔතා ගැනීම සිදුකරයි.

Side air bag (satellite) sensor
යම් රථයක් දෙපසින් යම් අන්තුරකට ලක්වූයේ නම් ඉදිරි Front Air Bag Modules ක්‍රියාත්මක වීමෙන් පමනක් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැක. එබැවින් නවීන රථයන්ගේ දෙපසින් සිදුවන අනතුරකදී පවා Side Air Bag Module ක්‍රියාත්මකවී මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරයි. එහිදී යම් පසකින් අනතුරක් සිදුවන්නේ නම් එය හදුනා ගැනීම සදහා මෙම Side air bag sensor භාවිතා කරනු ලබයි. මෙම සෙන්සරය Satellite Sensor යන නමින්ද හදුන්වනු ලබයි.


Side air bag module
දෙපසින් සිදුවන යම් අනතුරකදී, එම අනතුරින් මගීන් ආරක්ෂා කරගැනීම සදහා මෙම Side Air Bag Module යොදාගනී. බොහෝ රථයන්ගේ මෙම Side Air Bag මොඩියුලය මගී අසුනෙහිම නිර්මාණය කර ඇති අතර එවැනි Seat වල Side Air Bag යනුවෙන් සදහන් කර ඇත. එමෙන්ම එවැනි Seat සදහා කිසිම විටක Seat Cover යොදා නොගත යුතුය. එසේ Seat Cover භාවිතා කිරීමෙන් ඉතාමත් අනතුරුදායක තත්වයන් ඇතිවිය හැක.


Occupant Sensor
වර්තමානයේදී Air Bag තාක්ෂණය දියුනුවීමත් සමගම නවීන රථ සදහා Occupant Sensor භාවිතා කර ඇත. මෙහිදී Seat එක තුල රදවා ඇති Sensor එකක් ආධාරයෙන් Seat මත හිදසිටින මගියාගේ බර මනිනු ලබයි. එමගින් පරිගණකය විසින් එම මගියා කුඩා දරුවෙකුද, වැඩුනු පුද්ගලයෙකුද යන්න තීරණය කරනු ලබන අතර ඊට අනුරූපව Air Bag ක්‍රියාත්මක කිරීමේ පීඩනය තීරණය කරනු ලබයි. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් නම් කිසිම විටකදී කුඩා ළමයින්ව එම අසුන්වල ඔඩොක්කුවේ තබාගෙන නොයාමට වග බලා ගත යුතුය. එයට හේතුව නම් කුඩා ළමයින් ඔඩොක්කුවේ තබාගෙන යාමේදී එම Occupant Sensor විසින් දෙදෙනාගේම බර එකට මැනීම සිදුකරනු ලබන අතර අසුනේ සිටින මගියා වැඩි බරක් සහිත මගියෙකු ලෙස පරිගණකය විසින් වැරදි තීරණයක් ගෙන වැඩි පීඩනයකින් යුතුව Air Bag ක්‍රියාත්මක කරවීම සිදුවිය හැක. එවිට පළමුවෙන්ම Air Bag එක වෙත මුහුණ දෙනු ලබන්නේ කුඩා ළමයා වන බැවින් ඔහුට යම් අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතී. එ බැවින් එවැනි ආකාරයේ Seat සදහා කුඩා ළමුන් එම අසුන් වල ඔඩොක්කුවේ තබාගෙන නොයන ලෙස Warning Tag එකක් යොදා ඇත.


   Curtain Air Bags
ඉතාමත් නවීන රථ සදහා මෙම ආකාරයේ Curtain Air Bags අතුලත් කර ඇත. රථය යම් හෙයකින් පෙරලීමකට ලක් වුවහොත් ඇතුලත සිටිනා වූ මගීන් ආරක්ෂා කිරීම සදහා මෙම Curtain Air Bags ක්‍රියාත්මකවීම සිදුවේ. එහිදී මගීන් සිටින්නාවූ කොටස දෙපසින් තිරයක ආකාරයෙන් Curtain Air Bags ක්‍රියාත්මක වීමක් සිදුවේ. එමගින් ඇතුලත මගීන් ආරක්ෂාවීම සිදුවේ. මෙම Curtain Air Bags රථයේ දෙපස වහලය මත රදවා ඇත.


Air bag warning lamp
Air Bag පද්ධතියේ යම් දෝශයක් ඇතිවුවහොත් එය පරිගණකය මගින් හදුනා ගන්නා අතර එය රියදුරා වෙත Indicate කිරීම සදහා මෙම Warning Light එක භාවිතා කරයි. පද්ධතිය නිවැරදි ක්‍රියාකාරිත්වයේ පවතී නම් මෙම Light එක නිවී යන අතර පද්ධතියේ දෝශයක් පවති නම් මෙම බල්බය දිගින් දිගටම දැල්වී පවතී.


Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...!!

Tuesday, July 3, 2012

Wheel Alignment


රථයක ධාවනයට Wheel Alignment ඉතාම වැදගත් වේ. රෝද නිවැරදි කෝණයන්ට අනුරූපව එකලස්ව පිහිටිය යුතු අතර එසේ නොපිහිටන්නේ නම් එය නිවැරදි කිරීම නොපමාව සිදුකල යුතු වේ. එමෙන්ම මෙම කෝණයන් නිවැරදි අගයේ නොපැවතියහොත් රථය ධාවනයේදී අනාරක්ෂිත තත්වයට පත්වෙනවා සේම රෝද, අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් වලට, සුක්කානම් පද්ධතියේ (Steering System) කොටස් වලට හානී වීමද සිදුවිය හැක. එබැවින් රථයක ධාවනයට ඉතාම වැදගත් වන්නා වු Wheel Alignment පිලිබදව මෙම ලිපියෙන් සාගච්චා කෙරේ.

Wheel Alignment පිළිබදව සැලකීමේදී Wheel alignment එකක් සිදුකලයුතු කාලය පිළිබදව සැලකිලිමත් වීමද ඉතාම වැදගත් වේ. බොහෝ නිශ්පාදකයින්ට අනුව 5000Km වරක් Wheel Alignment සැකසීමක් සිදුකලයුතු අතර අලුතින් Tire යොදන අවස්ථාවන්හිදී මෙන්ම අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් හා සුක්කානම් පද්ධතියේ (Steering System) සමහර කොටස් ගලවා නැවත සවිකිරීමෙන් පසුද මෙලෙස wheel alignment සැකසීමක් සිදුකලයුතු වේ.

Wheel Alignment වලට අදාලව රෝද සැකසුම් කෝණයන් සහ අනිකුත් සැකසුම් අගයන් පිලිබදව මෙහි දක්වා ඇත.
   * Camber Angle
   * Caster Angle
   * Toe
   * King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)
   * Included Angle
   * Caster Trail / Caster Offset
   * Scrub Radius
   * Turning Angle of the Front Wheel / Toe Out on Turns
   * Set Back
   * Thrust Angle
   * Side Slip

* Camber Angle

Camber Angle යනුවෙන් අදහස් කරනු ලබන්නේ රෝදය පොළවට ලම්බක රේඛාවට කොපමන ආනතියකින් පිහිටනවාද යන්න වේ. Camber කෝණය පැහදිලිව දැකගත හැක්කේ රථයේ ඉදිරිපසින් රෝද නිරීක්ෂණය කිරීමෙනි. ඉහත රූපයේ පොළවට ලම්බක රේඛාව Vertical Line යනුවෙන් දක්වා ඇති අතර රෝදය ආනතව ඇති දිශාව රතු රේඛාවෙන් දක්වා ඇත. රෝදය ඉහලින් ඇතුලට ආනතියක් සහිතව පිහිටයි නම් එය Negative Camber ලෙසද, රෝදය ඉහලින් පිටතට ආනතියක් සහිතව පිහිටයි නම් එය Positive Camber ලෙසද හදුන්වනු ලබයි. බොහෝ රථවල දැකිය හැක්කේ Positive Camber අගයකි. එනම් රෝදය ඉහලින් පිටතට ආනතව පිහිටා ඇත. මෙලෙස ආනතව පිහිටීම හේතුවෙන් රෝදය Knuckle Arm එක හා හොදින් සම්බන්ධව පවතී. එමනිසා රථයේ ස්ථායි භාවය (Stability) පවත්වා ගැනීමට මෙම Camber Angle එක බෙහෙවින් ඉවහල් වේ. සමහර විශේෂිත වු රථ Negative Camber අගයක් සහිතව ද නිර්මාණය කර ඇත. ඒ තුලින් Rolling Movement එක අඩුකරගැනීමට උත්සහ කර ඇත.
කෙසේ වෙතත් මෙම Camber අගය නිෂ්පාදකයා දක්වා ඇති අගයට අනුරූපව පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

* Caster Angle

මෙහිදී රථයේ බර රෝද වෙත ක්‍රියාකරනු ලබන අක්ෂය ඉදිරියට ආනතියක් සහිතව නිර්මාණය කර ඇත. එමගින් රථයේ බර මගින් බලයක් ඉදිරියට යොමුකරගෙන ඇත. මෙම හේතුවෙන් රථය පහසුවෙන් ඉදිරියට චලනය කරවාගත හැක. විවිධ වූ රථයන්ගේ විවිධ වූ අවලම්බන පද්ධතීන්ගේ නිර්මාණයන් මත මෙම රේඛාව නිර්මාණය වන්නා වූ ආකාරයන් වෙනස් වුවද සෑම රථයකම Caster කෝණය නිර්මාණය කර ඇත. තේරුම් ගැනීමේ පහසුව සදහා Mc pherson strut ආකාරයේ Suspension System එකක් සහිත රථයක Caster Angle එක පිහිටා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

රෝදය පොළවට ස්පර්ෂ වන ස්ථානයට වඩා ඉදිරියට මෙම රේඛාව යොමුකර ඇත්නම් එය Positive Caster ලෙස සලකනුලබන අතර රේඛාව පසුපසට යොමුවී ඇත්නම් එය Negative Caster ලෙසද සලකනු ලබයි. වර්තමානයේ බොහෝ රථයන් සදහා Positive Caster යොදාගනු ලබන අතර අතීතයේදී සමහර රථයන් සදහා Negative Caster යොදාගෙන ඇත.
මෙලෙස Positive Caster Angle එකක් නිර්මාණය කිරීම හේතුවෙන් පහසුවෙන් රෝද ඉදිරියට පෙරලීමට හැකිවනවා සේම රෝද එක එල්ලේ ධාවනය කිරීමේ හැකියාවද, අඩු ආයාසයකින් සුක්කානම හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

* Toe

රථයක ඉදිරි රෝද ඉදිරියෙන් සමීපව පිහිටයි නම් එය Toe in ලෙස සලකනු ලබන අතර රෝද ඉදිරියෙන් ඈත්ව පිහිටයි නම් එය Toe out ලෙසද සලකනු ලබයි. ඉහත රූපසටහනින් එය වඩාත් පහැදිලිවේ. රථයක් ධාවනය වීමෙදී රෝද සමාන්තරව පැවතිය යුතුය. නමුත් රථයක් නවතා තබා ඇති අවස්ථාවක එහි රෝද සමාන්තරව පිහිටවනු ලැබුවහොත් එම රථය ධාවනයෙදී Suspension System එක හා සම්බන්ධිතව පවතින රබර් කොටස් හේතුවෙන් එම රථයේ රෝද Toe in හෝ Toe out ආකාරයේ පිහිටීමකට ලක්වේ. මෙලෙස රෝද ඈත්වීම හෝ සමීප වීම තීරණය වනු ලබන්නේ රථයට එලැවුම ලබාදෙන්නේ ඉදිරි රෝදයන්ගෙන්ද, පසුපස රෝදයන්ගෙන්ද යන්න මත සහ Suspension System එකෙහි සැකැස්ම මත වේ. එබැවින් එයට අනුරූපව රෝදයේ සිදුවන වෙනස්වීම වලක්වාගතයුතු වේ. එබැවින් යම් රථයක් ධාවනය වීමෙදී එහි Toe out එකක් නිර්මාණය වීමක් සිදුවන්නේ නම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe in ආකාරයට සැකසීම සිදුකරනුලබයි. එලෙසම රථයක් ධාවනය වීමෙදී එහි Toe in එකක් නිර්මාණය වීමක් සිදුවේනම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe out ආකාරයට සැකසීම සිදුකරනු ලබයි. එබැවින් Toe in හෝToe out අගය නිෂ්පාදකයා ලබදී ඇති අගයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.
එමෙන්ම එක් රෝදයක Toe අගය Individual Toe ලෙසද රෝද දෙකෙහිම අවසාන Toe අගය Total Toe ලෙසද සලකනු ලබයි.


* King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)

රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කිරීමේදී රෝදයෙහි හැරවීම සිදුවන්නා වූ අක්ෂය හා පොළවට ලම්භක තලය අතර ඇති කෝණය King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) නමින් හදුන්වයි. මෙම හැරවුම් අක්ෂය පොළවට ලම්භකව නිර්මාණය නොකරන අතර මෙලෙස යම් ආනතියක් සහිතව පිහි‍ටුවා ඇත. රථය ධාවනය වන අවස්ථාවකදී සුක්කානම හැරවීමෙන් පසු නැවතත් සුක්කානම මුල් පිහි‍ටුමට ස්වයංක්‍රියවම ගෙන ඒම මෙම කෝණය මගින් සිදුකරන ප්‍රධානම කාර්‍යය වේ. එමෙන්ම රථයක පවතින ප්‍රබලම කෝණය මෙය වන අතර එයට හේතුවනම් රථයේ බර මෙම කෝණය වෙත ක්‍රියත්මකවීම වේ. (මෙම කෝණයේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව නිරීක්ෂණය කලහැකි අවස්ථාවක් නම් රථය නතරකොට සුක්කානම එක්දිශාවකට හැරවීමේදී රථයේ ඉදිරිකොටස ක්‍රමානුකූලව ඉහලට එසවෙන ආකාරය දැකගත හැක).

* Included Angle

Included Angle යනු King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) සහ Camber Angle යන කෝණයන් දෙකෙහි එකතුව වේ. ප්‍රබල අනතුරකින්පසු Alignment කෝණ නිවැරදිව සැකසීම සදහා මෙම අගයන් වැදගත් වේ.

* Caster Trail / Caster Offset

Caster Trail හෙවත් Caster Offset යනුවෙන් හදුන්වනු ලබන්නේ Caster කෝණය ක්‍රියාත්මක කරණු ලබන රේඛාව පොළොව හා ස්පර්ෂ වන ස්ථානය, රෝදයේ පොළොව හා ස්පර්ෂවන ස්ථානයේ මධ්‍ය ලක්ෂයට අති දුර වේ. Caster කෝණය වැඩි වනවිට Caster Trail / Caster Offset අගයද වැඩි වේ.

* Scrub Radius

Scrub Radius යනුවෙන් හදුන්වනු ලබන්නේ පොළොව මතුපිටදී, එනම් ටයරය පොළොව හා ස්පර්ෂ වන ස්ථානයේදී King Pin Inclination / Steering Axis Inclination (SAI) කෝණය සාදනු ලබන රේඛාවත් Camber කෝණය සාදනු ලබන රේඛාවත් අතර පවතින දුර වේ. මෙහි ඇති වැදගත්කම නම් රෝදය හැරවීමෙදී රෝදය ගමන් කරනු ලබන්නේ මෙම දුර අරය කරගත් පථයක වීමයි. මෙම Scrub Radius අගය ප්‍රධන ආකාරයන් තුනකින් පවතී. එනම් පොළොව මතුපිටදී රේඛා දෙක අතර දුරක් පවතී නම් එය Positive Scrub Radius යනුවෙන්ද, රේඛා දෙක පොළොව මතුපිටදී හමුවේ නම්, එනම් රේඛා දෙක අතර දුරක් නොමැති නම් එය Zero Scrub Radius යනුවෙන්ද, මෙම රේඛා දෙක පොළොවට ඉහලින් හමුවේ නම් එය Negative Scrub Radius යනුවෙන්ද හදුන්වයි.


* Turning Angle of the Front Wheel / Toe Out on Turns

රථයක රෝද හැරවීමේදී එම රෝද හැරවෙනුයේ සමාන්තරගතව නොවේ. එයට හේතුව නම් රථයක් එකම ලක්ෂයක් වටා හැරවීමට නම් එම රථයේ රෝද සියල්ලම එම ලක්ෂය වෙත කේන්ද්‍රගත විය යුතුය. මෙලෙස රෝද සියල්ලම එකම ලක්ෂයක් වටා කේන්ද්‍ර ගත වීමට නම් වංගුවකදී, වංගුව ඇතුළු පැත්තේ රෝදය වැඩිපුර හැරවීමක් සිදුකිරීම අවශ්‍යය වේ. මෙම හැරවීමේ අගය ඉතාම නිවැරදිවිය යුතුය. මෙලෙස වංගුව ඇතුළු පැත්තේ රෝදයේ වැඩිපුර හැරවීම සෑම කෝණයක් සදහා ම නිවැරදිව සිදුකිරීම සදහා ackerman principle නම් යාන්ත්‍රණයක් භාවිතා කර ඇත. මෙම ackerman යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි මැන බැලීමක් මෙලෙස Alignment පරික්ෂාවක්දී Turning Angle of the Front Wheel / Toe Out on Turns මැනීමෙන් සිදුකරනු ලබයි.


* Set Back

වම් පස හා දකුණු පස රෝද එකම රේඛාවක නොපිහිටීම Set back යනුවෙන් හදුන්වයි.මෙලෙස Set back අගයෙහි වෙනස්වීම මත Wheel base අගයෙහිද වෙනස්වීම් සිදුවේ. සාමාන්‍යයෙන් මෙම Set back අගය උපරිම වශයෙන් පැවතිය හැක්කේ 12 mm පමණ වන අතර එය 0 mm වන්නේ නම් වඩා නිවැරදි වේ.


* Thrust Angle

ඉදිරි පස හා පසුපස රෝද එක එල්ලේ නොපිහිටන අවස්ථාවක දී Thrust Angle එකක් නිර්මාණය වේ. එවිට රථය පැත්තකට ඇදීමක්ද සිදුවිය හැක. එබැවින් Alignment සැකසීමේ දී Thrust Angle එක ගැනද සැලකිලිමත් වීම වැදගත්වේ.

* Side Slip
මෙම Side Slip අගය මැන බැලීම සදහා විශේෂිත වූ උපකරණයක් අවශ්‍යයවේ. එය Side Slip Tester යනුවෙන් හදුන්වනු ලබයි. යම් හෙයකින් රථයක් පැත්තට අදින්නේ නම් එය පැත්තට අදිනු ලබන ප්‍රමාණය මෙමගින් මැනගත හැක. එය m/Km හෝ mm/m යන ඒකකයන්ගෙන් මැනගත හැක.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Autotop.blogspot.com | Bloggerized by - K.A.Nuwan Chamara - Automobile Instructor (AETI)