DFSK - 580 SUV

 

 

ශ්‍රී ලංකාවේ Assemble කරනු ලබන වාහන අතරෙන් ඉතාමත් ඉහළ තාක්ෂණයකින් නවීන පෙනුමකින් සමන්විත රථයක් ලෙස DFSK 580 රථය අභිමානයෙන් දැක්විය හැක. SUV රථයක් ලෙස නිර්මාණයකර ඇති මෙම රථයෙහි මෝටර් රථ සඳහා භාවිතා කරනු ලබන නවීන තාක්ෂණයන් බොහොමයක් භාවිතා කර ඇත. විශේෂයෙන්ම මෙහි ඇති උපාංග හා ආරක්ෂාව සැලකීමේදී මෙම රථය යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොට නිර්මාණය වන්නක් ලෙස අපට හඳුනාගත හැක. එබැවින් ඉහළ තාක්ෂණයකින් හා වඩා වැඩි ආරක්ෂාව කින් යුතු යුතුව ශ්‍රී ලංකාවේ එකලස් වන්නා වූ මෙම රථය ඉන්දුනීසියාවේ නිර්මාණය වන්නකි. DFSK 580 රථය ආසන 7 කින් යුක්ත රථයක් වන අතර ලංකාවේ සීයට 30 අමතර කොටස් දායකත්වයකින් යුතුව ලංකාවේදී එකලස් වීම සිදුවේ. මෙතරම් ඉහළ තාක්ෂණයකින් යුක්ත රථයක් ශ්‍රී ලංකාවේ දී එකලස් වීමත් එහි අමතර කොටස් සඳහා සියයට 30 දායකත්වයක් ලංකාවෙන් සිදුවීමක් තුළ අපට ද ශ්‍රී ලාංකිකයින් ලෙස ආඩම්බර විය හැකි අතර මෙමගින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව ද මනාව පැහැදිලිවේ.

 

 

 

Engine

1.5L ධාරිතාවයකින් යුතු මෙම එන්ජිම DVVT (Dynamic variable valve timing) තාක්ෂණය සහිත එන්ජිමක් වේ. එමෙන්ම ටර්බෝ චාජරයකින් හා intercooler තාක්ෂණයෙන් මෙම රථයේ එන්ජිම බලගන්වා ඇත.

මෙම එන්ජිම 110kW ඉහළ බලයකින් යුක්ත වන අතර මෙහි ව්‍යවර්තය 230 Nm ක් වේ. මෙම එන්ජිමෙහි ව්‍යවර්තය සැලකීමේදී විශේෂ අවස්ථා තුනක් දැක් විය හැක

 
  • ඉහල ව්‍යවර්තය අගයක් පැවතීම - 230 Nm ක් වැනි අගයක් 
  • අඩු එන්ජින් වේගයකදී එම ඉහළ ව්‍යවර්තය අගයට ළඟා වීම -  එන්ජිමෙහි වේගය 1800 rpm වැනි    අගයකදී
  • ළඟාවූ ඉහළ ව්‍යවර්තය අගය 4000 rpm දක්වා ස්ථිරව පවත්වා ගැනීම -  Flat torque curve

මෙලෙස ඉහළ තාක්ෂණයෙන් අනූනව නිර්මාණය වී ඇති මෙම GLORY 580 රථය තුළින් හොඳ බලයක් මෙන්ම ව්‍යවර්තයක් ලබාගත  ගත හැක.

 

 

 

CVT transmission

ස්වයංක්‍රිය ගියර පද්ධතියක් සහිත මෙම රථයට CVT ආකාරයේ Transmission පද්ධතියක් එක්කර ඇත. ඉහල ඉන්ධන කාර්යක්ෂම තාවයකින් හා ක්‍රමිකව බලය වෙනස් කලහැකි CVT – Continuously Variable Transmission ගියර පද්ධතිය රථයේ සුව පහසුව වැඩි කිරීමටද දායක වී ඇත (Shift shock නොමැතිවීම හේතුවෙන්). එමෙන්ම මෙම ගියර පෙට්ටිය manually ගියර මාරුකලහැකි  Triptronic තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කොට ඇත. CVT තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත.  මෙම රථයෙහි ස්වයංක්‍රිය ගියර පද්ධතිය supply කරනු ලබන්නේ ලොව ප්‍රසිද්ධ Punch Powertrain ආයතනයෙනි. එමෙන්ම මෙම රථයෙහි ගියර පද්ධතිය සඳහා Snow mood ස්විචයක් ඇති අතර හිම සහිත රටවල දී හිම මත ලිස්සා නොයමින් ධාවනය කිරීම සඳහා මෙය වැදගත් වේ. නමුත් ශ්‍රී ලංකාවේදී මෙය එතරම් වැදගත් නොවුවත් ලිස්සන මතුපිටක රථය ධාවනය කිරීමේදී මෙම  Option එක ඔබට භාවිතයට ගත හැක. මෙවන් වූ option මගින් ද පැහැදිලි වන්නේ මෙම රථය විශේෂයෙන් ම යුරෝපීය වෙළෙඳපොළ ඉලක්ක කොට නිර්මාණය වන රථයක් බවයි.

 

 

 

SRS Airbags

අනතුරකදී රියදුරුගේ හා අනෙක් මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම රථයේ Airbag පද්ධතියක් ඇතුළත්කොට  ඇත. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය වන්නේ අනතුරකදී මගීන්ගේ ආරක්ෂාව සඳහා side air air bag පද්ධතියක්ද මෙම රථයට ඇතුළත් කොට තිබීමයි. එහිදී ඉදිරිපස ගමන් ගන්නා මගීන්ගේ ආසන තුළ රඳවා ඇති විශේෂ airbag පද්ධතියක් මගින් ඔවුන්ව පැත්තෙන් සිදුවන කම්පනයන් ගෙන් ආරක්ෂාව සලසනු ලබයි 

 

 

 

Tire Pressure Monitoring System (TPMS)

මෙම රථයට Tire Pressure Monitoring System එකක් ඇතුලත් කොට ඇති අතර එමගින් නිරන්තරයෙන්ම රථයෙහි රෝද 4 හි පවත්නා වායු පීඩනය රියදුරාට දක්වනු ලබයි. එම පහසුකම නිසා ඔහුට විටින් විට ටයරයන් හී පීඩනය මැන බැලීම අවශ්‍ය නොවන අතර යම් ටයර් එක පීඩනයෙහි අඩුවක් පවතින්නේ නම්වහාම ඒ බව රියදුරාට මෙම පද්ධතිය මගින් දැනුම් දෙනු ලබයි. මෙම පද්ධතිය හේතුවෙන් ටයරයෙහි පැවතිය යුතු නිවැරදි පීඩනය අඛණ්ඩව පවත්වා ගත හැකි බැවින් එය ටයරයෙහි කල් පැවැත්මට මෙන්ම රථයේ හා මගීන්ගේ ආරක්ෂාවටද ඉතා වැදගත් වේ.

 

 

 

Cruise Control system

Cruise control පද්ධතියක් මෙම රථයට ඇතුළත් කර ඇති අතර අධිවේගී මාර්ගයක වැනි ස්ථානයක එක දිගට රථය දීර්ඝ වේලාවක් ධාවනය කිරීමේදී රියැදුරුට ඇති වන විඩාව මග හැරීම සඳහා මෙය වැදගත් වේ . එහිදී ඔහුට අවශ්‍ය ස්ථිර වේගයක රථය ගමන් කිරීමට සලස්වා ත්වර පාදිකයෙන් (accelerator)  කකුල ඉවතට ගත හැක. එමෙන්ම රියදුරට ඕනෑම මොහොතක මෙම පද්ධතිය අක්‍රිය කළ හැකි අතර තිරිංග යෙදීමක දී මෙම පද්ධතිය ස්වයංක්‍රියවම අක්‍රිය විම සිදුවේ.

 

 

 

Electric Parking Brake

මෙම රථයෙහි Parking break සඳහා විශාල ප්‍රමාණයේ ලීවරයක් නොමැති අතර එය ඉලෙක්ට්‍රොනික ස්විච්යක්  ආධාරයෙන් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි ආකාරයට නිර්මාණය කර ඇත. එමෙන්ම Seat belt පැළඳ ගියරය D අවස්ථාවට යේදීමෙන් පසු, Acceleratorය ක්‍රියාත්මක කිරීමත් සමගම ස්වයංක්‍රියව Parking brake ක්‍රියාවිරහිතවීම ද ධාවනය වඩා පහසු කරන්නකි.

 

 

 

Sunroof

ස්වභාවික පරිසරයේ අසිරිය වඩා වැඩියෙන් අත්විඳීම සඳහා මෙම රථයට sunroof පහසුකම් ද ලබා දී ඇත. තවද  එය රථයෙහි ආකර්ෂණීය පෙනුම වැඩි කිරීමටද දායක වී ඇත.

 

 

 

Power Shutter Operation by remote key

මෙම රථයෙහි ඇති තවත් සුවිශේෂී අංගයක් නම් රථයෙහි සියලුම shutters remote key එක ආධාරයෙන් ඉහළ පහල කිරීමේ හැකියාවයි.එම පහසුකම ප්‍රයෝගිකව රථය භාවිතයේ දී ඉතාමත් පහසුවක් ඔබට ගෙන දෙනු ඇත. මන්දයත් ඔබ ඉතාමත් දැඩි අව් රශ්මියක් යටතේ රථය නවත්වා ඇති අවස්ථාවකදී එහි පවතින අධික තාපය ඉවත් කිරීම සඳහා ඔබ රථය වෙත පැමිණීමට ප්‍රථමයෙන්ම යම් දුරක දී remote key එක ආධාරයෙන් රථයෙහි සියලුම shutters පහළට ගැනීම සිදුකල හැක. ඒ තුලින් හොඳ වාතාශ්‍රයක් රථය තුලය ගමන් කිරීමට සලස්වා  රථය තුළ පවතින අධික තාපය ඉන් ඉවත් කිරීමේ හැකියාවහැකියාව ද මින් ඔබට සැලසේ. එමෙන්ම ඔබ රථයෙන් බැස රථය ලොක් කර ඉවතට යන  අවස්ථාවකදී වුවද, යම් හෙයකින් ඔබගේ රථයේ වීදුරුවක් විවෘත විවෘතව පවතින්නේ නම් ඔබට නැවත රථය වෙත නොපැමිණ ම remote key එක ආධාරයෙන් වීදුරුව ඉහලට එසවීමේ හැකියාව ද මින් සලසා ඇත.

 

 

 

 

Fresh Air Mode Selector (Automatic)

සාමාන්‍යයෙන් රථයක වායු සමීකරණ පද්ධතිය සැලකීමේදී බොහෝවිට අප විසින් එහි වාතය සංසරණය වන්නාවූ ආකාරය, ඇතුළත වායුව නැවත නැවතත් සංසරණය වන්නාවූ ආකාරයට එනම් recirculation mode ආකාරයට පවත්වා ගැනීම සිදු කරයි. මෙහිදී අප බලාපොරොත්තු වනුයේ වැඩි සිසිලසක් ඇතුළත පවත්වා ගැනීමත් ඒ තුළින් ඉන්ධන පරිභෝජනය අඩු කිරීමත්ය. නමුත් මෙහි ඇති ගැටළුව නම් වැඩි පිරිසක් සමග රථය ධාවනයේ දී රථයෙහි වීදුරු දිගින් දිගටම වසා ඇති බැවින් රථය තුළ තුල ඔක්සිජන් අනුපාතය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමයි. එය එතරම් හිතකර තත්වයක් නොවේ. එබැවින් මෙම රථයේ හි ඇති විශේෂත්වය වනුයේ ඔබ විසින් ඇතුළත වාතය සංසරණය වන්නාවූ ආකාරයට (recirculation mode) අවස්ථාවට පත් කර තිබුණ ද සෑම මිනිත්තු පහළොවකට පමණ වරක් ස්වයංක්‍රියවම fresh air mode අවස්ථාව ක්‍රියාත්මක වී පිටතින් පිරිසුදු වාතය තුළට ලබා ගැනීමයි. ඒ හරහා රථය තුළ ඔක්සිජන් ප්‍රතිශතය පහළ මට්ටමකට ගෙන ඒවා ස්වයංක්‍රියවම වලක්වාලනු ලබයි.

 

 

 

 

Side Mirror Heaters

මෙම රථයෙහි ඇති තවත් පහසුකමක් නම් side mirrors heat කිරීමේ හැකියාවයි. අධික වැසි සහිත තත්ත්වයන්ගේ සහ සීතල අවස්ථාවන්හිදී දෙපස කණ්නාඩි මත බැඳෙන පිනි බිඳිති හා ජල බිඳිති ඉක්මනින් ඉවත් වීම හේතුවෙන් දෙපස කණ්නාඩි මත දෘෂ්‍යයභාවය හොඳින් පවත්වා ගැනීමට මෙම රථයට හැකියාව ලැබී ඇත. එය ඔබගේ ආරක්ෂාවට ද වැදගත් සාධකයක් වනු ඇත.

 

 

 

Dual Wiping Function

මෙම පහසුකම හේතුවෙන් රථයේ Windshield washer ක්‍රියාත්මක වීමේදී ඊට සමගාමීව vipers ක්‍රියාත්මකවීම සාමාන්‍ය පරිදි සිදු වුවත් අනතුරුව ස්වල්ප වේලාවකට පසු ස්වයංක්‍රියවම නැවතත් එක්වරක් vipers ක්‍රියාත්මකවීම මෙමගින් සිදුවේ. බැවින් windscreen එක මත පාරදෘෂ්‍යයභාවය ඉහළ නැංවීම සිදුවේ. එය රථයේ ආරක්ෂාවටද වැදගත් වේ.

 

 

 

 

Headlamp with Lens and Daytime Running Lamp

ප්‍රධාන විදුලි පහන් ආලෝකය නිවැරදිව ඉදිරියට නාභිගත කිරීම සඳහා කාචයක් භාවිතා කොට ඇති අතර දිවා කාලයේ ධාවනයේදී අනිකුත් රියැදුරන්ගේ අවධානය මෙම රථය වෙත ලබා ගැනීම තුළින් වඩා වැඩි ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා D R L හෙවත් Daytime Running Lamp පද්ධතියක් මෙම රථයට එක්කොට ඇත. තවද එය රථයේ ආකර්ෂණීය පෙනුම වැඩිදියුණු කිරීමට ද දායක වී ඇත.

 

 

 

Head light level adjusting system

රථය පිටුපස කොටසට බැර පැටවීමත් සමග රථයෙහි ප්‍රධාන පහන් ආලෝකය නිවැරදිව ඉදිරියට නාභිගත වීමක්  සිදු නොවුවහොත් එය නිවැරදිව නාභිගත කර ගැනීම සඳහා ඉදිරිපස ප්‍රධාන විදුලි පහන් වල පිහිටීම වෙනස් කිරීමේ හැකියාව මෙම රථයට ලබා දී ඇත.

 

 

 

Power Door Mirrors with Auto Folding system

මෙම රථයට power mirrors ලබාදී ඇති අතර රථය lock කිරීමත් සමඟ ස්වයංක්‍රියවම mirrors folding වීම සිදුවේ.

 

 

 

Auto door relock system

රථය lock කිරීමෙන් පසු නැවතත් un lock කිරීමක් සිදුකරන අවස්ථාවක තප්පර 30ක් ඇතුලත  දොර වීවත නොකලේනම් ස්වයංක්‍රියාවම රථය නැවතත් lock වීම සිදුවේ. මෙමගින් රථයට වැඩි ආරක්ෂාවක් ලබාදී ඇත

 

 

 

Coming Home Light system

යම් හෙයකින් ඔබ රාත්‍රියෙහි නිවසට පැමිණෙන අවස්ථාවක ගෙදර විදුලි පහන් කිසිවක් දල්වා නොතිබේ නම් ඔබ රථය නවත්වා ඉන් පිටතට පැමිණි අවස්ථාවේ සිට නිවසට ඇතුළු වී පහන් දල්වන තෙක් ඔබට කටයුතු කිරීමට සිදු වනුයේ ආලෝකය නොමැති අඳුරු වටපිටාවකය ඔබේ ආරක්ෂාවට තර්ජනයක් විය හැක. නමුත් මෙම රථයේහි ඇති  coming home light system එක හේතුවෙන් ඔබට රථයෙන් බැස රථය lock කර නිවසට ගොස් නිවසෙහි ආලෝක පහන් දල්වනතෙක් තප්පර 30 කාලයක් මෙම රථයෙහි ප්‍රධාන විදුලි පහන් දැල්වී තිබීම සිදුවේ. තප්පර 30 කාලයෙන් පසු ප්‍රධාන විදුලි පහන් ස්වයංක්‍රියාවම නිවීයයි.

 

 

 

Disc brake – Front and Rear

Seven seater රථයක් ලෙස මෙම රථයෙහි ඇති තවත් වැදගත්ම කාරණයක් නම් ඉදිරිපස සහ පසුපස රෝද සියල්ලන් සඳහා disc brake පද්ධතියක් ඇතුළත් කොට තිබීමයි. එමගින් වඩා වැඩි ආරක්ෂාවක් රථයට ලබාදී ඇත.

 

 

 

Vehicle Running Recorder

මෙම රථයේ ඉදිරිපස inbuilt running recorder unit එකක්  නිෂ්පාදකයා විසින් ලබා දී ඇත. එමගින් ඉතාමත් පැහැදිලියි රූප රාමු සහිත වීඩියෝ පටයක් ඔබගේ ගමන පුරාවටම ස්වයංක්‍රියාවම පටිගත වීම සිදුවේ. එබැවින් ඔබට අමතර camcorder යක් සවිකිරීමේ අවශ්යතාවය මඟහැරීයනු ඇත.

 

 

 

ABS – Anti lock Brake System

රථයේත් මගීන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ලිස්සන මතුපිටක් සහිත අවස්ථාවක ආරක්ෂාකාරී තිරිංග යෙදීමක් සඳහා අත්‍යවශය ABS පද්දතියක් මෙම රථයේ ස්ථාපිතකොට ඇත. (ABS – Anti lock Brake System තාක්ෂනය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් මින් පෙර මෙහි පළකර ඇත)

 

 

 

EBD – Electronic Brake force distribution

රථයක තිරිංග යෙදීමේදී රෝද මත ගොඩනැගෙන බලයන් සමාන නොවේ. වේගයෙන් පැමිණෙන රථයක් තිරිංග යෙදීමේදී ඉදිරි පස රෝද දෙක සඳහා වැඩි බලයක් හා පසුපස රෝද සඳහා අඩු බලයක් ක්‍රියාත්මකවීම වීම සිදුවේ. එබැවින් මෙලෙස එක් එක් රෝද සඳහා වෙන වෙනමම තිරිංග බලයන් පරිගණකයක් ආධාරයෙන් ලබාදීම මෙම පද්ධතිය මගින් සිදුකරයි. (EBD – Electronic Brake force distribution පද්ධතිය පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී එක් කිරීමට බලාපොරොත්තුවේ)

 

 

 

Electronic Stability program (ESP)

රථය වේගයෙන් වංගුවක ධාවනය කිරීමේදී ලිස්සා යාමකට ලක් වන්නේ නම්, එනම් රථය Over drive හෝ Under drive වන්නේ නම් රියදුරු  විසින් රථය හරවා ඇති කෝණය (Steering angle) හා මේ වනවිට  රථය හැර වී ඇති කෝණයක් අතර වෙනස සලකා බැලීමෙන් අනතුරුව රථයේ තිරිංග පද්ධතිය ආධාරයෙන් එක් එක් රෝදය තනි තනිවම හෝ අවශ්‍ය පරිදි අවශ්‍ය අනුපාතයන්ට තිරිංග ක්‍රියාත්මක කිරීම මගින් රථය විසින්ම ස්වයංක්‍රියවම රියදුරුට අවශ්‍ය දිශාවට රථය හරවා දී ධාවනය ආරක්ෂාකාරී හා පහසු  කිරීම මෙම පද්ධතිය මගින් සිදු කර දෙනු ලබයි.

 

 

 

HBA - Hydraulic Brake Assist

මෙම පහසුකම මගින්  සිදුවනුයේ ඔබ විසින් රථය ක්ෂණික තිරිංග යෙදීමට ලක්කළේ නම් ඔබගේ තිරිංග යෙදීම ක්ෂණික තිරිංග දීමක් ලෙස brake පද්ධතිය මගින් අවබෝධ කර ඒම අවස්ථාව සඳහා උපරිම තිරිංග බලයක් තිරිංග පද්ධතිය වෙත ලබා දීමයි. හදිසි තිරිංග යෙදීමකදී වැඩි බලයක් මේ මගින් ලබාගත හැකි අතර විශේෂයෙන්ම කාන්තාවන් ධාවනය කරන අවස්ථාවකදී හදිසි තිරිංග යෙදීම සඳහා වැඩි බලයක් ලබා ගැනීමට මෙම පහසුකම වඩා උපකාරී වේ.

 

 

 

 


Hill Start Assist (HSA)

විශාල කන්දක රථය නවතා නැවත ධාවනයට යොමු වීමේදී ගියරයට D අවස්ථාවට යොමු කොට තිරිංග නිදහස්කොට Acceleratorය ක්‍රියාත්මක කිරීමට යනවාත් සමගම රථය ක්ෂණිකව පසුපසට ගමන් කිරීම (විශාල කන්දක රථය පැවතීම හේතුවෙන්) සිදුවේ. මෙහි දී ද අනතුර සිදුවීමට වස්ථාවක් ඇත. මෙම පද්ධතිය මගින් සිදුකරනුයේ ගියරය D අවස්ථාවට යොමු කිරීමෙන් අනතුරුව අප විසින් Brake පැඩලයෙන්  කකුල ගැනීමෙන් පසු තප්පර දෙකක පමණ කාලයක් Brake පද්ධතිය ආධාරයෙන් රථය පසුපසට නොයන ආකාරයට Brake කොට තබා ගැනීමයි. එහිදි රියදුරුට Acceleratorය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාලය ප්‍රමාණවත් පරිදි ලැබේ.

 

 

 

 

EPS – Electric Power Steering

මෙම රථය සඳහා Electronic Power Steering පද්ධතියක් ඇතුළත්කොට ඇත. Electronic Power Steering පද්ධතියක ප්‍රධාන වාසී හතරක් ඇත.

  • ·         ක්‍රියාත්මක කිරීමේදී අතට වඩා වැඩි පහසුවක් ලබා දීම
  • ·         වැඩි ආරක්ෂාකාරී බවක් ලැබීම - එයට හේතුව නම් power steering system එකෙහි power assist ක්‍රියාවලිය රථයේ වේගය වැඩිවත්ම ක්‍රමානුකුලව අඩුවියයුතු බව අපි දන්නෙමු. නැවතත් රථයෙහි වේගය වැඩිවත්ම  power assist ක්‍රියාවලිය ක්‍රමානුකුලව වැඩි විය යුතුය. නමුත් Hydraulic power steering system එකක මෙය නිවැරදිව සිදු නොවේ. (යම්තාක් මට්ටමකට සිදුවේ. නමුත් නිවැරදිතාවයෙහි යම් යම් ගැටළු පවතී) නමුත් Electronic Power Steering system එකක මේය ඉතාමත්  නිවැරැදිව සිදුවේ.
  • ·         අමතර ශක්ති හානිය අඩු වීම - Hydraulic power steering පද්ධතියක් සහිත රථයක රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කරන අවස්ථාවන්හි දී මෙන්ම සුක්කානම ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී Oil පොම්පය ක්‍රියාත්මකවීම, power steering oil යම්පීඩනයකට ලක්වීම, oil circulate වීම ආදී ක්‍රියාවලියන් සිදුවේ. මේ සඳහා එන්ජිමෙහි නිපදවෙන ශක්තියෙන් කොටසක් අඛණ්ඩව භාවිතා වීම සිදුවේ. නමුත් EPS පද්ධතියක් සහිත රථයක EPS මෝටරය මගින් ශක්තිය ලබා ගැනීම සිදු කරනුයේ රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පමණි. එබැවින් මෙම ක්‍රමවේදය යටතේ අමතර ශක්ති හානිය ඉතා අවම වේ.
  • ·         නඩත්තුව අවම වීම - එනම් EPS system එකක් සහිත රථයක EPS පද්ධතියේ නඩත්තු ඉතා අවම අගයක් ගනී.

 

 

 

 

Keyless Entry and Push-start System

රථයට ඇතුළුවීමට, Dickey door open කිරීමට, රථය පණගැන්වීමට හා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වැනි සියලු කාර්යයන් සඳහා යතුර අතට ගැනීමක් අවශ්‍ය නොවන ආකාරයේ Smart key system හෙවත් Keyless Operation System (KOS) පද්දතියක් මෙම රථයට එක්කොට ඇත. එබැවින් එදිනෙදා රථය භාවිතයේදී වඩා පහසුවක් දැනේ. 

රථය සොරගැනීම් වැනි අවස්ථා අවම කිරීම සඳහා මෙම රථයට දියුණු Immobilizer පද්ධතියක් සහිත Intelligent key එකක් භාවිතාකොට ඇත.

 

 

 

 

Wheel and tires

අඟල් 17 Alloy wheel rims මෙම රථයට එක් කොට ඇත. එය රථයේ දැකුම්කළු බව මනාව ඉස්මතු කිරීමට දායක වී ඇත.

 

 

 

10-inches Touch screen audio system

මෙම රථය සඳහා අඟල් දහයක පළලකින් යුත් අති නවීන audio සිස්ටම් එකක් ලබා දී ඇත. එමෙන්ම අපගේ android හෝ apple දුරකථනය සම්පූර්ණයෙන්ම mirror කිරීමේ හැකියාව ද මෙම audio පද්ධතිය සතුව ඇත. එමගින් ඔබගේ දුරකථනය මෙම audio පද්ධතිය හරහා පාලනය කිරීමේ හැකියාව ද, මෙම පද්ධතියට දුරකථනය සම්බන්ධ කිරීම තුළින් අන්තර්ජාල භාවිතය ද, youtube වැනි videos මෙම පද්ධතිය තුළින් play කිරීමේ හැකියාව ද පවතී. එමෙන්ම multifunction steering පහසුකම ද මෙම රථයට ලබාදී ඇති බැවින් රථය ධාවනයේදී රියදුරාට අත සුක්කානමෙන් ඉවතට නොගෙන මෙම audio system එක පාලනය කිරිමේ හැකියාවද පවතී.

 

 

 

 

Luggage Space

මෙම රථයේ පිටුපස ඇති seat පේලි දෙකම හකුලා තැබීමේ හැකියාව ඇති  නිසා අවශ්‍යය අවස්ථාවකදී බඩු භාහිරාදිය ගෙන යාම සඳහා රථය තුළ විශාල ඉඩ ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත. රථයේ අවසන් seat පේළිය හැකිලීමෙන් 1061 mm පළලක් සහිත ඉඩක් නිර්මාණය කරගත හැකි අතර අවසන් seat පේලි දෙකම හකුලා තැබීමෙන් 2040 mm පළලක් සහිත විශාල ඉඩක් නිර්මාණය කරගත හැක.

 

Comments

Popular posts from this blog

Wheel Alignment

EFI ක්‍රියාකාරීත්වය සරලව...

CVT Gear Box

ABS ක්‍රියාකාරිත්වය

TIRE

Air Bag System

MITSUBISHI ECLIPSE CROSS

හැඩට.. වැඩට.. ගමනට.. කදිම MITSUBISHI - Attrage රථය