Posts

Showing posts from July, 2012

Wheel Alignment

Image
රථයක ධාවනයට Wheel Alignment ඉතාම වැදගත් වේ. රෝද නිවැරදි කෝණයන්ට අනුරූපව එකලස්ව පිහිටිය යුතු අතර එසේ නොපිහිටන්නේ නම් එය නිවැරදි කිරීම නොපමාව සිදුකල යුතු වේ. එමෙන්ම මෙම කෝණයන් නිවැරදි අගයේ නොපැවතියහොත් රථය ධාවනයේදී අනාරක්ෂිත තත්වයට පත්වෙනවා සේම රෝද, අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් වලට, සුක්කානම් පද්ධතියේ (Steering System) කොටස් වලට හානී වීමද සිදුවිය හැක. එබැවින් රථයක ධාවනයට ඉතාම වැදගත් වන්නා වු Wheel Alignment පිලිබදව මෙම ලිපියෙන් සාගච්චා කෙරේ. Wheel Alignment පිළිබදව සැලකීමේදී Wheel alignment එකක් සිදුකලයුතු කාලය පිළිබදව සැලකිලිමත් වීමද ඉතාම වැදගත් වේ. බොහෝ නිශ්පාදකයින්ට අනුව 5000Km වරක් Wheel Alignment සැකසීමක් සිදුකලයුතු අතර අලුතින් Tire යොදන අවස්ථාවන්හිදී මෙන්ම අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් හා සුක්කානම් පද්ධතියේ (Steering System) සමහර කොටස් ගලවා නැවත සවිකිරීමෙන් පසුද මෙලෙස wheel alignment සැකසීමක් සිදුකලයුතු වේ. Wheel Alignment වලට අදාලව රෝද සැකසුම් කෝණයන් සහ අනිකුත් සැකසුම් අගයන් පිලිබදව මෙහි දක්වා ඇත.    * Camber Angle    * Caster Angle    * T