Posts

MITSUBISHI ECLIPSE CROSS

Image
MITSUBISHI සමගම මගින් නිර්මිත Eclipse cross රථය crossover කාණ්ඩයට අයත් විශිෂ්ට නිර්මාණයක් ලෙස දැක්විය හැක. නවීන තාක්ෂණයෙන් අනුන එහි ඉන්ධන කාර්යක්ෂමතාවය, ආරක්ෂාව හා සුවපහසුව ඉතා ඉහල අගයක පවතී. ඉතා දැකුම්කළු නවීන පෙනුමකින් සමන්විත මෙම රථය ඉහල ව්‍යවර්තයක් ( Torque) හා බලයක් (Power) සහිත එන්ජිමකින් බලගන්වා ඇත.   Engine 1.5L ධාරිතාවයකින් යුත් එන්ජිමක් මෙම රථයෙහි අන්තර්ගතකොට ඇති අතර එන්ජිමෙහි MPI   සහ Direct injection ආකාරයෙන් ඉන්දන විදුම් පද්ධතීන් දෙකක් සමාන්තර ව ක්‍රියාත්මක විය හැකි ආකාරයට නිර්මාණය කර ඇත .   මෙලෙස ඉන්ධන විදුම් පද්ධතීන් දෙකක් එක විට ක්‍රියාත්මක වන බැවින් මෙම එන්ජිමේ හි ඉන්ධන විදුම් කරනය සඳහා MPI පද්ධතියට අදාළව injectors හතරක්ද Direct injection පද්ධතියට අදාලව injectors හතරක් ද ආදී වශයෙන් ඉන්ජෙක්ටර් අටක් දකින්නට ලැබේ. මෙම එන්ජිමෙහි උපරිම බලය ( Max. output ) - 110kW වේ. උපරිම ව්‍යවර්තය ( Max. torque ) -   250 / 2000 – 3500 Nm .   ඉන්ධන විදුම් පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වය Fuel injection system මෙහිදී එන්ජිම තුළ ක්‍රියාත්මක වන්නේ MPI ක්‍...